තවත්

    හෙට අර්ධ බැංකු නිවාඩුවක්

    0

    ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (30) දිනයේ විශේෂ අර්ධ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනිද්දා (01) මැයි දිනය සෙනසුරාදා දිනට යෙදී තිබීම හේතුවෙනි.

    යාපනයේ ජාකොටුවලින් මිලියන 77 ක කේරළ ගංජා මතුවේ

    0

    යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඊයේ (28) කළ විශේෂ මෙහෙයුමකින් කිලෝ 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයාගෙන තිබේ.

    මලු 07ක පාර්සල් 105 ක් වශයෙන් ජාකොටුවක සූක්‍ෂම ලෙස සඟවා මෙම කේරළ ගංජා තොගය සගවා තිබී ඇත.

    නාවික හමුදාව සිදුකරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට මෙම කේරළ ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙලෙස ජාකොටුවක සඟවා තබන්නට ඇතැයි නාවික හමුදා මාධය අංශය සදහන් කරයි.

    මෙම කේරළ ගංජා ‍තොගයේ වටිනාකම රුපියල් මිලියන 72ට අධික වන බව නාවික හමුදාව සදහන් කරයි.

    කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදි..

    දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකරයි

    0

    සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (29) ආරම්භවූ දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියේ ලකුණු 5000 සීමාව පසුකළේය.

    ටෙස්ට් තරග 71 කට සහභාගිවී ඉනිම් 138 ක් ක්‍රීඩාකර ඇති දිමුත් කරුණාරත්න පසුකළ ලකුණු 5000 අතර ද්විත්ව ශතකයක්, ශතක 11 ක් සහ අර්ධ ශතක 25 ක් ඇතුලත්ය.

    දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කළ 10 වැනි ශ්‍රී ලංකීක ක්‍රීඩකයාය. දිමුත් කරුණාරත්න හැරුණු කොට දැනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ එකම ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය.

    ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ මෙරට ක්‍රීඩකයින්

    01. කුමාර සංගක්කාර 12,400

    02. මහේල ජයවර්ධන 11,814

    03. සනත් ජයසූරිය 6973

    04. අරවින්ද සිල්වා 6361

    05. ඇන්ජලෝ මැතිව්ස් 6219

    06. මාවන් අතපත්තු 5502

    07. ටී.එම්. ඩිල්ෂාන් 5492

    08. තිලාන් සමරවීර 5462

    09. අර්ජුන රණතුංග 5105

    සෞඛ්‍ය නීති කඩන ත්‍රී රෝද රථ රියදුරන් සොයා මෙහෙයුම්

    0

    සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් නොතකා මගී ප්‍රවාහන කටයුතුවල නිරතව සිටින ත්‍රී රෝද රථ රියදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිසීය සදහන් කරයි.

    කොළඹ නගරයේ ත්‍රී රෝද රථ සෞඛ්‍යාරක්ෂිතව මගී ප්‍රවාහනයේ නිරතව සිටින්නේ දැයි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ඊයේ (28) පැවැති බවත් එහිදී ත්‍රී රෝද රථ 6110 ක් පැයක් තුළ පොලිසියේ නිරීක්ෂණයන්ට ලක්වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා පැවසීය.

    එහිදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් මගී ප්‍රවාහනයේ නිරතවූ ත්‍රී රෝද රථ රාශියක් හදුනා ගැනීමට හැකිවූ බව අජිත් රෝහන මහතා සදහන් කළේය.

    රියදුරු සහ මගීන් අතර ආවරණයක් යොදා නොතිබුණු ත්‍රී රෝද රථ 3027 ක්ද, විෂබීජ නාශක දියර නොමැති ත්‍රී රෝද රථ 2988 ක්ද, අවම මගී සංඛ්‍යාව නොතකා වැඩිපුර මගීන් රැගෙන ගිය ත්‍රී රෝද රථ 1240 ක්ද වශයෙන් ත්‍රී රෝද රථ වැරදි හදුනා ගත් බව ද අජිත් රෝහන මහතා කීය.

    දළදා වදින්න යනවානම් හැදුනුම්පත අරන් යන්න

    0

    දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් මාළිගාව පරීශ්‍රයට ඇතුළුකර ගන්නේ ජාතික හැදුණුම්පත පරීක්ෂා කිරීමකින් අනතුරුව බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරයි.

    කොවිඩ් ආසාධිතයන් බහුලව ගැවසෙන ප්‍රදේශවලින් හෝ හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් හදුනා ගැනීමට මෙම පියවර ගත් බවද දියවඩන නිලමේවරයා සදහන් කළේය.

    කොවිඩ් ආසාදිත පිරිස් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටීම සමස්ත ජනතාවගේම ආරක්ෂාවට බලපාන බැවින් මෙම තීරණය ගත්බවද දියවඩන නිලමේ ප්‍රදීංප් නිලංග දෑල මහතා පැවසීය.

    ත්‍රිකුණාමලයේ ගම් 6ක් ලොක්ඩවුන්

    0

    ත්‍රික්‍රණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී
    වසමි කිහිපයක්‌ මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

    එම ග්‍රාම නිලධාරී වසමි වන්නේ
    සුමේධගම්පුර, මූදෝවි, කෝවිල්අඩ්,
    ලින්ගා නගර, කාවත්තිකුඩා සහ චීන
    වරායයි.

    බස්නාහිරට ඇතුළුවන පිටවන තැන්වල PCR

    0

    අද (29) දහවල්‌ 12.00 සිට බස්නාහිර පළාතට ඇතුළුවෙන හා පිටවන ස්ථාන 12 කදී අහඹු පී.සී.ආර්‌ පරීක්ෂණ සිදුකරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ
    පියවරක්‌ ලෙස මෙම තීරණය ගෙන ඇත.

    කොවිඩ් පරීක්ෂාවන් සිදුකරන ස්ථාන

    1. කොච්චිකඩේ තෝප්පුව පාලම
    2. කොටදෙණියාව බඩල්ගම පාලම
    3. නිට්ටඹුව හැලගල හන්දිය
    4. මීරිගම ගිරිඋල්ල පාලම
    5. දොම්පේ සමනබැද්ද පාලම
    6. හංවැල්ල වනහාගොඩ පාලම
    7. අලුත්ගම බෙන්තර පාලම
    8. තිනියාවල හන්දිය
    9. ඉංගිරිය කැටකැදැල්ල පාලම
    10. බදුරලිය – කලවාන සමන් දේවාලය අසල
    11. මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම
    12. දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව අසල


    සඳ වෙත ගිය පළමු නියමුවා මිහිමතින් සමුගනී

    0

    මිනිසා සඳ වෙත ගමන් කර සඳ මතට ගිය පළමු මිනිසුන් තිදෙනා අතරින් කෙනෙකු වූ ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

    ඔහුගෙ පවුලේ ඥාතීන් නිවේදනයක් මගින් දන්වා සිටින්නේ පිළිකා රෝගයකින් පෙළුණු ඔහු අවසන් දික කිහිපය ඉතා සාමකාමීව ගත කර 90 වැනි විය පසුකරමින් සිටියදී මෙලෙස අවසන් හුස්ම හෙළූ බවයි.

    ඇමරිකානු ගගනගාමී මයිකල් කොලින්ස් 1969 ජූලි 20 වන දින සඳ මතට ගිය ගමනේ ඇපලෝ 11 යානයේ නියමුවා වූ ඔහු යානයේ රැඳී සිටිමින් , නීල්ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින්ට සඳ මත ඇවිද ගොස් එනතුරු පැය 21ක් යානයේ සිටියේ එම වගකීම බිඳකුදු අත්නොහරිම්නි.

    මෙම ඓතිහාසික මෙහෙයුමේ “අමතක වූ” තුන්වන ගගනගාමියා ලෙස බොහෝ විට විස්තර කෙරෙන කොලින්ස්, ඔහුගේ සගයන් දෙදෙනා සඳ මතින් මොඩියුලය වෙත ආපසු එන තෙක් පැය 21 කට වැඩි කාලයක් තනිව සිටියේය. ඉතිහාසයේ හුදෙකලාම මිනිසා ලෙස විරුදාවලිය ලැබීනට හේතු වූයේද එයයි. අභ්‍යවකාශ යානය සඳෙහි අඳුරු පැත්ත වටා ගමන් කරන සෑම අවස්ථාවකම ඔහුට හූස්ටන්හි මෙහෙයුම් පාලනය සමඟ සම්බන්ධතා නැති වූ බව නාසා ආයතනය කියයි.

    පහත දැක්වෙන්නේ මයිකල් කොලින්ස්ගේ අභාවය පිළිබඳ වැඩබලන නාසා පරිපාලක ස්ටීව් ජර්සික්ගේ ප්‍රකාශයකි:

    “ගගනගාමී මයිකල් කොලින්ස්ගේ ගවේෂණය සඳහා සැබෑ පුරෝගාමියෙකු සහ ජීවිත කාලය පුරාම එය උදෙසා පෙනී සිටි උපදේශකයෙකු ලෙස අද ජාතියට අහිමි විය. ඔහු අඟහරු වැඩසටහනේ මෙන්ම ගුවන් හමුදා නියමුවෙකු ලෙස කැපී පෙනුණි. ඇපලෝ 11 විධාන මොඩියුලයේ නියමුවා ලෙස – සමහරු ඔහුව හැඳින්වූයේ ‘ඉතිහාසයේ හුදෙකලාම මිනිසා’ යනුවෙනි.

    සඳ මතට ගිය පළමු මිනිසුන් තිදෙනා වන, දෙපසින් සිටින නීල් ආම්ස්ට්‍රෝන්, බස් ඕල්ඩ්‍රින් සමඟින් මැද සිටින්නේ මයිකල් කොලින්ස් ය.

    කොවිඩ් නිසා ආර්ථිකය ඇදනොවැටෙන්න ගත් තීරණය ගැන අගමැති චීන ආරක්ෂක ඇමතිට කියයි

    0

    පසුගිය සති කිහිපයක සිට මෙරට කොවිඩ්-19 ආසාදිතයින්‌ වැඩි වශයෙන් වාර්තා වුවද රටට සිදුවන ආර්ථික හා සමාජයීය බලපෑම සළකා මුළු රටම අගුලු නොදැමීමට රජයක් ලෙස තීරණය කළ බවත් මෙම ත්ත්වය හමුවේ පැනනගින අභියෝග ජය ගැනීම උදෙසා චීනයේ සහය වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සමඟ අද පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී අගමැතිවරයා මේ බව කීය.

    එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයා,

    “ගරු ඇමතිතුමනි, ඔබව ශ්‍රී ලංකාවට පිළිගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙමි. වසංගත තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඔබ කළ තීරණය අපි අගය කරමු.

    වසංගත තත්ත්වය හමුවේ වුවද චීනයේ ඉහළ පෙළේ දූත පිරිස් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාවට පැමිණියා. ඔබගේ මෙම සංචාරය සහ හමුවීම තුළින් අපගේ ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    පළමුවෙන්ම මේ වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සහ එහි සියලු ජයග්‍රහණ සඳහා මගේ උණුසුම් සුබ පැතුම් පළ කරමි.එය සැබවින්ම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

    තවද, දිළිඳුකම තුරන් කිරීමේ දී චීනය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව මම ඔබට සුබ පතමි. චීන රජය මිලියන 100 කට ආසන්න ග්‍රාමීය වැසියන් මේ වනවිට දරිද්‍රතාවයෙන් මුදා ගෙන තිබේ. අනෙක් අතට දරිද්‍රතාවය පිටුදැකීමේ එක්සත් ජනපද ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කයන් වසර 10 කට පෙර සම්පූර්ණ කිරීමට චීනයට හැකි වී තිබේ. මෙය විශිෂ්ට ජයග්‍රහණයකි.

    ගරු ඇමතිතුමනි, මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත් කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලි වී තිබේ. කොවිඩ් වසංගතය පැතිර ගිය දා සිට සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සීනෝෆාම් එන්නත් 600000 ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කොට සළකමි. මෙම වසංගත තත්ත්වය සමඟ කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.

    පසුගිය සති කිහිපය තුළ කොවිඩ් 19 ආසාධිතයින් පිරිස වැඩිවුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සළකා මුළු රටම අගුලු නොදැමීමට රජයක් ලෙස අපි තීරණය කළෙමු. පශ්චාත් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවට ඔබත් එකඟ වන බව මට විශ්වාසයි.

    මේ වනවිට අපගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීමයි. එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා ඔබේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.

    ගරු ඇමතිතුමනි, ඔබගේ මෙම සංචාරය ගැන නැවත වරක් මම ඔබට ස්තූතිවන්ත වන අතර වසංගත තත්ත්වය හමුවේ පැනනගින අභියෝග ජය ගැනීම උදෙසා දැනට පවතින සහයෝගිතාවය වැඩි දියුණු කරගැනීමටත් ඔබ සහ ඔබගේ රජය සමඟ ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙමි.”

    අද කොවිඩ් ආසාදිතයින්‌ 1400 ක් – මරණ 6ක්

    0

    මෙරට කොවිඩ්-19 රෝගීන්ගේ මරණ 06 ක්‌ අද (28) තහවුරු කර තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මූළු කොවිඩ්- 19 ආසාදිත රෝගින්ගේ මරණ
    සංඛ්‍යාව 661 කි.

    මේ අතර අද දිනයේ තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් 1451ක් හඳුනාගෙන තිබේ.

    අද වාර්තා වූ covid -19 ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ විස්තර පහත දැක්වේ.

    1. පල්ලේගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමියෙකි. මාවනැල්ල මූලික රෝහලේ
      ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 අප්‍රේල්‌ 25 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නිව්මෝනියාව ය.
    2. වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. හලාවත දිස්ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටියදී කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව හෝමාගම මූලික රෝහල වෙන මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 202] අප්‍රේල්‌ 27 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව සහ ලේ විෂවීම වේ.
    3. හාලිඇල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමියෙකි. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර
      ලබමින්‌ සිටියදී නෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල්‌ 28 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ්‌ නියුමෝනියාවයි.
    4. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 65 නැවීරිදි කාන්තාවකි. මාවනැල්ල මූලික රෝහලේ
      ප්‍රනිකාර ලබමින්‌ සිට 2021 අප්‍රේල්‌ 23 චන දින කොතලාවල ආරක්ෂ විද්‍යා පීඨ රෝහල වෙන මාරු කර යවන අවස්ථාවේ දී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ -19 ආසාදනය හේතුවෙන්‌ උග්‍ර වූ හෘද රෝගී තත්ත්වයයි.
    5. නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමියෙකි. වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 අප්‍රේල්‌ 24 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ 19 ආසාදනය හේතුවෙන්‌ සිදු වූ පෙනහළු ආසාදනයයි.
    6. වත්තල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමියෙකි. වැලියර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටියදී 2021 අප්‍රේල්‌ 27 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

    රට ලොක්ඩවුන් කිරීමක් නෑ. තම තමන්ගෙ ප්‍රදේශය අගුලු වැටෙන්න පුළුවන් – හමුදාපති

    0
    Shavendra silva

    රට ලොක්ඩවුන් කිරීමක් නෑ.ආසාධිතයන් හමුවීම ඉහළ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ප්‍රාදේශීය බල ප්‍රදේශ අගුලු වැටීමේ අවදානම අනුව ජනතාවට ඊට සූදානමින් පසුවන ලෙස දැනුම් දෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට සුළු මොහොතකට පෙර නිවුස් වේව් වෙබ් අඩවියට පැවසීය.

    සමාජ මාධ්‍ය ඔස්සේ රට ලොක් ඩවුන් කරන බවට හමුදාපති ප්‍රකාශ කර ඇතැයි පැතිරයන ප්‍රකාශයට පිළිතුරු දෙමින් හෙතම මේ බව කියා සිටියේය.

    අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නිවසේ තබා ගන්නැයි ජනතාව දැනුවත් කරනු ලැබුවේ ග්‍රාමීය වශයෙන් හෝ ප්‍රාදේශීය වශයෙන් අගුලු දැමීම්වල දී ඔවුන්ට සිදුවන අපහසුතා මගහැරීමට බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

    දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇරඹේ

    0

    දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙටින් (29) අවසන්වන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව සදහන් කරයි.

    ලියාපදිංචිය සදහා දේශපාලන පක්ෂ 40 කින් අයදුම්පත් කොමිසමට ලැබී තිබුණු බවත් ඒ අතුරින් පක්ෂ 18 ක් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබූ බවත් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

    මෙම සම්මුඛ පරීක්ෂණ ඊයේ (27) ආරම්භව අද (28) දිනත් පැවති බව සභාපතිවරයා පැවසීය. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුත්ත අදියර දෙකකින් සිදුවන බවද ඔහු සදහන් කළේය.

    මේ වනවිට මෙරට තුළ ඇති ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 76කි.

    වනාතවිල්ලුවේ අවිගබඩාවට සම්බන්ධ සහරාන්ගේ ගෝලයින් 06 කට අධිචෝදනා

    0

    සහරාන් විසින් පවත්වාගෙන ගිය වනාතවිල්ලුවේ පිහිටි පුපුරන ද්‍රව්‍ය කදවුරට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (28) පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ පනතින් නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර ඇත.

    වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කදවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැටලීමට ලක්කළේ 2019 වසරේ ජනවාරි 16 වෙනිදාය. එම අවස්ථාවේදී එහි සිටියදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මුෆීස්, මොහොමඩ් හමාස් යන දෙදෙනාටත් එම කදවුරේදී අන්තවාදීන්ට ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමට පුහුණුව ලබාදුන්නේ යැයි කියන මාවනැල්ලේ බුදුපිළිම හානි කිරීමට සම්බන්ධ ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලාටත් වව්නතිව්හීදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනයකර පැහැරගත් ගිනි අවි මෙම කදවුරට රැගෙනවිත් සැගවීමට සම්බන්ධ වූ ගෆූර් මාමා නැමැත්තාටත්, සහරාන්ගේ කල්ලියේ න්‍යායාචාර්ය ලෙස සැලකෙන නෞෆර් මවුලවි සහ ඔහු සමග දඹුල්ලේදී පොලීසියට හසුවූ මොහොමඩ් සජිඩ් නැමැති සැකරුවන්ට එරෙහිව නීථිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබේ.‍

    මෙම නඩුව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගය පවත්වන ලෙස ද නීතිපතිවරයා ඉල්ලා ඇත.

    නව සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව කටුනායක ගුවන්තොට දිගටම වැඩ

    0

    මෙරට තුල මතුවී ඇති කොවිඩ් වසංගතයේ නව තත්වය මත වුවද සෞඛ්‍ය උපදෙස් පරිදි නව ක්‍රමවේදයක් යටතේ කටුනායක ගුවන් තොටුපොළ කටයුතු සිදුකරන බවත් වසාදැමීමක් සිදු නොකරන බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඉන්දියාවේ සිට පැමිණෙන පිරිස් “ජෛව බුබුළු” ක්‍රමයට මෙරටට ගෙන්වන බවත් ඔවුන්ට වෙනමම වු ආරක්ෂීත වු ක්‍රමවේද යටතේ නිරෝධායන කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පවසයි.

    මහජනතාවට ගුවන්තොටුපොළ විවෘත නොකළ ද ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කර ඇති බවද අමාත්‍යවරයා කීය.

    චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

    0

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

    ජනාධිපතිවරයා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

    එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි හෙතෙම සඳහන් කළේය.

    චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා, හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීය.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

    නුවන් සොයිසාට වසර හයක ක්‍රිකට් තහනමක්

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්

    වසර 6ක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

    2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියකදී “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අයි සී සී දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් චෝදනා 03කට ඔහු වැරදිකරු බව 2019 නොවැම්බර් මාසයේදී අයි සී සී ය නිවේදනය කළේය. ඒ අනුව මෙම තරග තහනම පනවනු ලැබීය.

    බම්බලපිටියේ ප්‍රදේශවාසීන්ගෙන් ජෛව සාම්පල ගනී

    0

    බම්බලපිටිය ලෙස්ටර් ජේමිස් පීරිස් මාවතේදී ඊයේ (27) එම ප්‍රදේශයේ පිරිසකගේ ජෛව සාම්පළ ලබාගත් අයුරු.

    ඉන්දියාවේ කොවිඩ් ගැන නරකම අනාවැකිය අස්සේ භූ කම්පනයක්

    0

    කොරෝනා වසංගතයෙන් අධික ලෙස පීඩා විඳිමින් සිටින අතරතුර ඉන්දියාවේ අසාම්හි රිච්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ බව එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (යූඑස්ජීඑස්) පැවසුවේ බදාදා සිදු වූ බවයි.

    යූඑස්ජීඑස් පවසා ඇත්තේ එහි කේන්ද්‍රස්ථානය ඇසෑම් හි ප්‍රධාන නගරය වන ගුවහාටි කිලෝමීටර් 34 ක් (සැතපුම් 21 ක්) ගැඹුරට සිදුවී ඇති බවයි.

    මීට පෙර යුරෝපීය මධ්‍යධරණි භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (ඊඑම්එස්සී) භූමිකම්පා විශාලත්වය 6.2 ක් ලෙස සටහන් කළේය.

    ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශ කිහිපයක සහ අසල්වැසි භූතානයේ දැඩි භූ කම්පන ඇති වූ අතර සිය ගනනක් ජනයාට තම නිවෙස්වලින් පලා යාමට බල කෙරුණු බව රොයිටර් පැවසීය.

    භූමිකම්පාවෙන් පසු ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය විනාශය හා හානි පිළිබඳ වාර්තා තක්සේරු කරමින් සිටි බව ඒජන්සියේ නිලධාරියෙක් පැවසීය.

    මේ භූ කම්පනය සිදුවන්නේ ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ලේ උච්චතම අවස්ථාව මැයි මැද භාගයේදී විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනාවැකි පළකර තිබෙන පසුබිමක දී ය.

    කොවිඩ් -19 නිසා සිදුවූ මරණ ඊයේ (28) ඉන්දියාවේ ලක්ෂ 2 සීමාව පසු කර ඇත. ඉන්දියාවේ වසංගතය ආරම්භ වූ පසු පළමු වතාවට දෛනික මරණ ඊයේ වාර්තාගත ඉහළ මට්ටමක පැවතුණු අතර පසුගිය පැය 24 තුළ 3,000 කට අධික පිරිසක් වෛරසයට ගොදුරු වී මියගොස් තිබේ.

    මේ වන විට නිල වාර්තා පවසන්නේ ඉන්දියාවේ කොවිඩ් මරණ 198000 ඉක්මවා ඇති බවයි. කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ සැබෑ කොවිඩ් මරණ සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි විය හැකි අතර මිලියන ගණනක් විය හැකි බවයි. රජයේ ලිපිගොනු වල කොවිඩ් -19 නිසා ඇති වූ මරණවල නොගැලපීම සහ ආදාහනාගාරයේ සහ සුසාන භූමිවල ලියාපදිංචි වී ඇති මරණ සංඛ්‍යාව වෙනස් වීම ඊට හේතු ලෙස දක්වා ඇත.

    ඉන්දියාවේ දෛනික රෝගීන් ඊයේ 350,000ක් ඉක්මවීය.

    දෙවන කොරෝනා රැල්ලේ දරුණු ලෙස බලපෑමට ලක්ව ඇති රට, ඔක්සිජන් නොමැතිකම, රෝගීන් සඳහා රෝහල් ඇඳන් සහ වෙනත් වෛද්‍ය සැපයුම් සමඟ දිගටම සටන් කරමින් සිටී.

    දිල්ලියේ පමණක් ඊයේ වාර්තාගත ලෙස කොවිඩ් -19 මරණ 381 ක් වාර්තා කළ අතර මහාරාෂ්ට්‍රයේ මෙතෙක් වාර්තා වූ වැඩිම කෝවිඩ් -19 රෝගීන් 66,358 ක් ඊයේ වාර්තා විය.

    පාකිස්තාන, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, චීනය, ප්‍රංශය, සෞදි අරාබිය, සිංගප්පූරුව, එංගලන්තය ආදි රටවල් ගණනාවක් ඔක්සිජන්, එන්නත් හා වෛද්‍ය උපකරණ ආදියෙන් උදව් ලබා දී ඇත.

    ආදාහනය හා සුසාන භූමි වෙත යන ගමනේදී ගිලන්රථ එකවර මළ සිරුරු 20 ක් පමණ ගෙන යයි. සොහොන් බිම්වල චිතක දිගටම දැවෙනු දක්නට හැකිය.

    චීන ආරක්ෂක ඇමති දිවයිනට

    0

    චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් ‘වෙයි ෆෙන්ග්’ (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

    කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලින් මෙරටට සම්ප්‍රාප්ත වූ ඒ මහතා, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී,යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශයේ ඉහළ නිළධාරීහූ පිරිසක් විසින් පිළිගනූ ලැබූහ.

    අද දින (අප්‍රේල් 28 ) රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කීපයකට සහභාගීවීමට නියමිත අතර මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත. ඒ මහතා අප්‍රේල් 29 වන දින පෙරවරුවේ නැවත සිය මව් රට බලා යාමට නියමිතයි.

    මීටරයයි මුඛ ආවරණයයි නැත්නම් රු.10,000 දඩයක් එක්කම මාස 06 ක් හිරේට

    0

    නිරෝධායන නීති කඩකරමින් මුහුණු ආවරණ නොපැළද හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනෙන පුද්ගලයන් ඒ සම්බන්දයෙන් අධිකරණයේදී වරදකරුබවට පත්වුවහොතේ රුපියල් 10,000 ක දඩයක් හා මාස 06 ක සිරදඩුවමකට යටත්වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා අවධාරණය කරයි.

    මේ වන විට කොවිඩ් 19 වෛරසය රටපුරා ව්‍යාප්තවීමේ අවධානමක් තිබෙන බැවින් නිරෝධායන නීති උපරිමයෙන් ආරක්ෂාකරන ලෙස අජිත් රෝහන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ (27) දිනය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලින්දී වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබෙන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

    පොලීසිය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 3,900කි.

    කොව්ඩි නීති කැඩූ යාපනයේ තේරු උත්සවයේ සංවිධායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    0

    කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් යාපනයේ වන්හිනාර්න්දුපන්නදි හී පිහිටි හින්දු කෝවිලක තේරු උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 25 වනදා එම තේරු උත්සවය පවත්වා තිබුණි. දහස් ගණනක් බැතිමතුන් ඊට සහභාගිවී සිටිනු දක්නට ලැබිණි. ඔවුන් මුහුණු ආවරණ පැළඳීමක් හෝ වෙනත් කිසිදු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමක් දක්නට නොලැබුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.

    අත්අඩංගුවටගත්

    කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයාව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    තවත් ප්‍රදේශ 6ක් ලොක්ඩවුන්

    0

    තවත්‌ ප්‍රදේශ කිහිපයක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබේ.

    මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ වන්නේ,

    • වැල්ලවාය නගර සභා සීමාව
    • වෙහෙරයාය ග්‍රාම නිලධාරි කොට්ඨාසය
    • කොට්ටමිගහබොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය
    • බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
    • උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
    • මාතලේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය

    අධිවේගයේ කොට්ටාව පිවිසුම වසා දැමේ

    0
    Highway

    දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව
    පිවිසුම අද (28) උදෑසන 6.00 සිට
    නැවත දැනුමි දෙන තුරු වසා දමන බව
    මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    මීට හේතු වී ඇත්‌තේ එම පිවිසුමේ
    සේවය කරන මාර්ග සංවර්ධන
    අධිකාරි සේවකයින්‌ තිදෙනෙකු කොවිඩි ආසාදිතයන්‌ ලෙස හඳුනා ගැනීමයි.

    බස්රථ සහ ගිලන්‌රථ සඳහා කොට්ටාව පිවිසුම විවෘතව පවතින අතර මාර්ග සංවර්ධන අධිකාරිය දක්‍ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට අතුරැගිරිය සහ කහතුඩුව පිවිසුමි මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටී.

    කෙසේ වෙතත්‌ කොට්ටාව පිවිසුමෙන්‌
    දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන
    ඇතුළු කළ හැකි නමුත්‌ එම කවු
    තුළින්‌ ප්‍ර.එවිශපත්‌ නිකුත්‌ නොකරන බව
    මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත්‌

    මෙරට පළමු වරට දිනක කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවයි

    0

    මෙරට පළමු වතාවට දෛනික ආසාදිතයින්‌ ගණන 1000 ඉක්මවමින් අද කොවිඩ්-19 ආසාදිතයින් 1,096ක් වාර්තා වී තිබේ.

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) පස්වරුවේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472කි.

    රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීමේ නව චක්‍රලේඛය මෙන්න

    0

    සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති covid ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් එය නිකුත් කර ඇත.

    කොවිඩ් දෙවන මාත්‍රාව දීම හෙට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් ඇරඹේ

    0
    vaccine

    අංජනා මල්ලවආරච්චි

    කොරෝනා මර්දනය කිරීම සඳහා ලබාදෙන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම හෙට පෙරවරුවේ සිට පළමුවෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කොළඹ නගරයේ ස්ථාන දෙකක දී දෙකකදී හෙට එන්න ඇත්තේ දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතය.

    ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242කට ලබාදී තිබේ.

    මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත මෙරට සිටින චීන වැසියන් 2469 කට ලබාදී ඇත.

    ජනපතිගෙ ගමසමඟ පිළිසඳරට අකමැති කවුද ?

    0

    සහරාන්ලාගේ බෝම්බවලින් පසුව රට ඉල්ලුවේ ස්ථීර සාමයකි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට රට භාර දිය යුතුයැයි ජනතා මතයක් බිහිවිය. එහි මූල බීජ පැලවුණේ ගමේය. බඩට කන්න නැතත් ලංකාවේ මිනිස්සු සාමයට කැමතිය. තිස් වසරක් කළ එවැනි කැපකිරීම් ගංඟා දියේ පාකර හැරීමට කිසිවෙකුත් කැමති වන්නේ නැත. ඒ නිසා එහි උපරිම වාසිය ආවේ රට හමුවේ ඇති අභියෝගවලට සෘජුව මුහුණ දිය හැකි නායකයකු බිහිකර තැනටය.

    ඒ නිසා ජනාධිපතිවරණය ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැදුණු රැල්ල සුළු පටු නැත. ඒ නිසා ජනාධිපතිවරණ දිනය තෙක්ම ඉවසමින් සිටි ජනතාව එතෙක් පැවති ආණ්ඩුව හෝදා දමා විශිෂ්ට ජයග්‍රහණයක් ගෝඨාභයට ලබා දුන්නේය.

    මෙම ප්‍රතිඵලයෙන් ජනතාව අංක එකට බලාපොරොත්තු වූයේ අන්තවාදය හෝ මත්කුඩු ජාවාරම් සමඟ පාතාලය හිස ඔසවන්නේ නැති රටක ජීවත්වීමය.

    එදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට භාරගනිමින් රුවන්වැලි මහ සෑ මළුවේ අන් කවරෙකුටත් වඩා වෙනස් විධියේ ප්‍රකාශයක් කළේය. ඒ අතරින් ජනතාව අතර වඩාත් කැපී පෙනෙන කියමන වූයේ මා බලයට පත්වූයේ බහුතර සිංහල ඡන්දවලින් බවට කළ අභීත ප්‍රකාශයයි. නමුත් එදින අනෙකුත් ජාතීන්ටද තමන් සමඟ අනාගත ශ්‍රී ලංකාව ගොඩ නැගීමට එක්වන්නැයි ගෝඨාභය ජනාධිපතිවරයා ආරාධනා කළේය.

    එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔවුනොවුන්ගේ ප්‍රජාතන්තවාදී අයිතියකි. නමුත් ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජාති ආගම් භේද නොසලකා රටේ අරමුණු වෙනුවෙන් සිය නායකත්වය දීමට පටන් ගත්තේය. පාතාල ක්‍රියාකාරකම් නැවතුණේය. මත්කුඩු ජවාරම්කරුවෝ දිනෙන් දින නීතියේ රැහැනට අසු වූහ. මේ නිසා ඇතමෙක් සිංහල ජනතාවගේ කර මතින් පැමිණි නායකයා සිංහලයන්ට පමණක් සේවය කළ යුතුය හෝ කරනවාය වැනි පටු පරමාර්ථයෙන් එදෙස බලද්දී ගෝඨාභය ජනාධිපතිවරයා පුළුල් පරාසයකින් ඒ දෙස බැලුවේය.

    මේ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු විය. ජනපති වූ පසු ඒකාධිපතියකු වනු ඇතැයි විපක්ෂය කළ රැවටිල්ල උපන්ගෙයිම පුස්සක් විය. විපක්ෂය කියු කරුණුවලට රැවටුනු ඇතමෙක් සිතුවේ තමන්ට රුස්සන්නේ නැති එකා දෙන්නා සුසානයට යවා ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ පටන්ගනු ඇති කියාය. එවැනි දේ සඳහා ගෝඨාභය ජනාධිපතිවරයාට මෙවර හදිස්සි වුයේ නැත.

    මෙම පසුබිම හේතුවෙන් විපක්ෂයට තවත් සටන් පාඨ සොයන්නට සිදුවිය. සර් ෆේල් යැයි ගෙනා සටන් පාඨය ද කාලයක් ඉහළටම එසවී ටයරයක හුළං ගියාක් මෙන් බැස ගියේය. අවසානයේ විපක්ෂයේ බලාපොරොත්තු කඩ විය. ඉන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධානවල උපදෙස් ගනිමින් ගෝඨාභය ජනාධිපතිවරයාට පහර ගැසීමට යොදාගත් අවිය වූයේ පරිසර විනාශ සබැඳි චෝදනාවයි.

    රටේ කොතැනක හෝ ගහක් කැපුවේ නම් ඒ ගෝඨාභය ජනාධිපතිතුමාගේ උපදෙස් මත කළ වැඩක් යැයි පෙන්වීමට විපක්ෂය නොගත් උත්සායක් නැත. නමුත් මෙම විරෝධය නම් රටට වෙස්වලාගත් ආශිර්වාදයක් වුයේය.

    හැමෝම පරිසරයට ප්‍රමුඛත්වය දෙමින් රුක් රෝපණයට මුල පිරුවේය. එදා කසල තැන තැන වැටී ගහක් කොළක් නැතිව කොන්ක්‍රීට් වනාන්තරයක්ව දුගද ගසමින් තිබූ කොළඹ නගරය අලංකාර වුයේ ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් බව ජනතාවට නැවත නැවත සිහි කිරීමට මෙය කදිම අවස්ථාවක් විය.

    ඇත්තම ගත්තත් අන් ජනාධිපතිවරුන්ට වඩා ගෝඨාභය ජනාධිපතිවරයා වෙනස්ය. ඔහු ගම ට යන්නේ ඒ නිසාය. ඇතමෙක්ගෙ තර්කය වූයේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී කරන වැඩය ජනාධිපතිවරයකු කරන්නේ ඇයිද කියාය. සීතල කාමරයක සිට ඒ දෙස බලනවිට එසේ පෙනුනද කිසි දිනෙක ජනාධිපතිවරයකු තියා ඇමති, මන්ත්‍රී හෝ රජයේ නිලධාරියෙකුගෙවත් ඇස නොගැටුනු ගම්වලට ගොස් ගෝඨාභය ජනාධිපතිවරයා සංවර්ධනයේ අරුණළු යා කරනවිට ඉන් රිදෙන පිරිස වැඩිය.

    අපේ රටේ ඇතැම් මහජන නියෝජිතයන්ම ගම දියුණුවනවාට කැමති නැත. ඇත්තම ගත්තොත් ගම දියුණු වී ජනතාව මනසින් දියුණුවනවිට ගමේ මගෝඩිස්තුමාට දියවන්නාව තරණය කරන්නට හැකිවන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත ගැසුවේ එවැනි තැනකටය.

    වලස්මුල්ල ගමෙන් ආ විජයදාස රාජපක්ෂලා වුවද ජනාධිපති ගෝඨාභය ගමට යනවාට උරණ වූයේ ඒ නිසාය. ගමට ගියවිට ගමේ ජනතාවගේ හිතට දැනෙන දෑ කොළඹ සිට ආණ්ඩු පෙරලන්න උඩ ගෙඩි දෙන හදවත්වලට දැනෙන්නේ නැත.

    මේ නිසා රට හරි මගට ගැනීමේ එකම අවස්ථාව අප සියලු දෙනා එක්ව ප්‍රයෝජනයට ගත යුතුය. කොවිඩ් රැලි කොතරම් පැමිණිය ද ඊට මුහුණ දුන් සහ මුහුණ දෙන නායකත්වය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටය. දැන් කොවිඩ්වලින් හෝ දේශපාලනය කොට ගොඩයන්නට බලන පිරිස බලයේ සිටියා නම් ඒකාන්තයෙන්ම අද රටේ වෙන දෙයක් කතා කරන්නට ඉතිරි වන්නේ නැත.

    ඒ නිසා අකමැති පිරිස ගැන නොව රට දියුණුවනවාට කැමති පිරිස වෙනුවෙන් ගම සමඟ පිළිසඳරේ යෙදීම පමණක් නොව, තමන් ගිය ගමනෙන් ප්‍රතිඵල ලැබී ඇත්දැයි නැවත ගොස් විපරම් කිරීම අගය කළ යුතුය.

    2020 .09.25 බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, වෙලංවිට, අක්කර 100, කුමාරතැන්න ග්‍රාමයේ දී පැවැති ගම සමඟ පිළිසඳරෙන් පළමු වැඩසටහනෙන් දැනටම වැඩක් වී ඇත.

    ඒ ඊට අකුල් හෙලූවන්ට නොව ඒ ගමේ ජීවත්වන ගම් වැසියන්ටය. ඒ නිසා තමන්ව රටේ නායකත්වයට තෝරාපත් කළ ගමේ ජනතාවටත් වැඩක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉඩ දෙන්න යැයි කියනවා හැර අපට මේ මොහොතේ ඔබෙන් වෙන ඉල්ලීමක් කරන්නට නැත.

    දේශපාලන වාර්තාකරු

    සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි

    0

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් අද හමුවිය.

    කැනේඩියානු මහ කොමසාරිස් Dewid Makinan, ස්විට්සර්ලන්ත තානාපති Dominik Furgler, නෝර්වේ තානාපති Trine Jornli Eskedal, අමෙරිකා එක්සත් ජනපදය තානාපති Eleina B. Teplits, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය තානාපති Amanda Jewell යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස එම සාකච්ඡාවට සහභාගි වූහ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරාල, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද, සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ජේෂ්ඨයින් වන ආචාර්ය රොහාන් පල්ලේවත්ත, ආචාර්ය ගිහාන් ගුණතිලක, හරීම් පීරිස් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

    0

    ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය අද (27) නිවේදනය කළේය.

    කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු මෙන්ම ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු, සාමාන්‍යාධිකාරීවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි.

    සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

    අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරීන් උසාවි යයි

    0

    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    ඒ, තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලාය.