fbpx
තවත්

    රා මදින්න තල් ගසට නැගි පුද්ගලයෙක් පය ලිස්සා වැටී මරුට

    0

    රාමැදීමට තල්ගසකට නැග සිටි පුද්ගලයකු ගසින් වැටී රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (22) මියගොස් ඇතැයි මුලතිව් පොලීසිය කියයි.

    මෙම අනතුරින් මියගොස් ඇත්තේ මුලතිව් පුදුමාතලන් හී අම්බලන්පොකුණේ පදිංචිකරුවෙක් වන 58 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    මෙම පුද්ගලයා තල්ගසින් වැටී ඇත්තේ පසුගිය 20 වෙනිදා උදෑසන බව පොලීසිය සඳහන් කළේය. ප්‍රදේශවාසීන් විසින් ඔහුව පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    දවසෙන් දවස ගිලා බහින චීනය

    0

    ගතවූ දශක කීපයක කාලය තුලදී චීනයේ ඇති වූ ශීඝ්‍ර වර්ධනයත් සමඟම එරට තුල ඉතා වේගවත් නාගරීකරණයක් දක්නට ලැබිණි. මෙම තත්ත්වය හේතුවෙන් මෙම නගර රැසක් ලොව විශාලතම නගර බවට පත්වූ අතරම විශාල ඉදිරි කිරිම් ප්‍රමාණයක්ද දක්නට ලැබිණි.

    මෙලෙස වර්ධනය වූ ඉදිකිරීම් හේතුවෙන් බහුතරයක් ගොඩනැගිලි ස්භාවිකව පිහිටි භූමිය වෙනස් කරමින් ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් නගර ශීඝ්‍රයෙන් ගිලා බසිමින් පවතින අතර, සෑම ප්‍රධාන නගර හයකින් එකක්ම වසරකට මිලිමීටර් 10 ඉක්මවමින් ගිලා බැසීමට ලක්ව ඇති බව අනාවරණය වේ.

    මේ අතර චීනයේ වෙරළබඩ නගරවල, මෙම ගිලා බැසීම් මුහුදු මට්ටම ඉහළ යාමත් සමඟ මිලියන ගණනක් ජනයාට තැඩි තර්ජනය එල්ලකර ඇත.

    මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට චීනයේ විශ්ව විද්‍යාල කිහිපයක පර්යේෂකයන් කණ්ඩායමක් ලක්ෂ විස්සකට වැඩි ජනගහනයක් සිටින නගර 82 ක් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී මෙම පර්යේෂකයින් පිරිස චීනයේ භූමියේ සිදුවන චලයන් විශේෂයෙන්ම ගිලා බැසීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සෙන්ටිනල්-1 චන්ද්‍රිකාවේ දත්ත භාවිතා කර ඇත.

    ඒ අනුව 2015 සිට 2022 දක්වා කාලය දෙස බලන විට, නාගරික ප්‍රදේශවලින් 45% ක් වසරකට මිලිමීටර් 3 ට වඩා ගිලා බසින බවට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව පර්යේෂකයින් පවසයි. මේ අතර නාගරික ප්‍රදේශ වලින් 16% ක් පමණ වසරකට මිලිමීටර් 10 ට වඩා වැඩි ප්‍රමාණයකින් ගිලා බසින බවත් එය ශීඝ්‍ර ලෙස පහළ යාමක් ලෙස විද්‍යාඥයන් විස්තර කරයි.

    මෙම දත්ත මගින් පෙන්නුම් කරනු ලබන තවත් කාරණයක් වන්නේ කෝටි හයකට අධික ජනතාව ඉතාම වේගයෙන් ගිලා බසින් ප්‍රදේශ වල ජීවත් වන බවයි.

    නගර ගිලා බැසීමට ප්‍රධාන සාධක කීපයක්ම බලපානු ලබන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. ඒ අනුව ගොඩනැගිලිවල බර ඇතුළු සාධක ගණනාවකින් බලපායි. නමුත් මීට බලපාන ප්‍රාධනතම සාධකය වන්නේ භූගත ජලය අහිමි වීමයි. භූගත ජලය අහිවීම යනුවෙන් අදහස් වන්නේ එම ප්‍රාදේශයන් හී ජනගහනයේ භාවිතය සඳහා නගර යට හෝ ඒ ආසන්නයේ පවතින භූගත ජලය නිස්සාරණය කිරීමයි.

    මීට අතිරේකව මෙම නගර ආශ්‍රීතව සිදුකරනු ලබන ඛනිජ සහ ගල් අඟුරු සඳහා කැණීම් ද ගිලා බැසීම් වලට විශාල වශයෙන් බලපා ඇති බවක විද්‍යාඥයින් පෙන්වා දෙයි.
    මේ අතර චිනයේ විශාලතම ගල් අඟුරු පතල් පිහිටි ප්‍රදේශ වලින් එකක් වන පිංඩිංෂාන් හි උතුරු ප්‍රදේශයේ, වසරකට මිලිමීටර් 109 ක් ප්‍රමාණයකින් භූමිය ගිලා බැසීමක් වන බවටද අනාවරණය වී තිබේ.

    අධ්‍යයනයේ කතුවරුන් පවසන්නේ දේශගුණික විපර්යාස නිසා ඇති වූ ගිලා බැසීම් සහ මුහුදු මට්ටම ඉහළ යාම යන කාරණා හේතුවෙන් මෙම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට දැඩි බලපෑමක් එල්ලවීමේ හැකියාවක් පවතින බවටද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    මෙහිදී දේශගුණික විපර්යාසය හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළයාමට වඩා වැඩි වේගයකින් නගර ගිලා බැසීම සිදුවිම මගින් මෙම ප්‍රදේශ ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් නිර්මාණය වී ඇත. කෙසේවෙතත් මෙම තත්ත්වය සඳහා යොදාගත හැක එක් පිලියමක් වන්නේ එම භූමයේ ඇති භූගත ජලය වෙනුවට ස්භාවික ජල මාර්ග මගින් ජලය ලබාගැනීමයි. එමගින් මෙම තත්ත්වය යම් ආකාරයකින් පාලනය කිරීමට හැකියාවක් තිබෙන බවද විද්‍යාඥයින් සඳහන් කරයි.

    තත්ත්වය කෙසේ පැවතියත් චීනය විසින් පසුගිය කාලය පුරා දියත් කළ දැඩි කාර්මීකරණ කටයුතු මගින් දැඩි පාරිසරික බලපෑමක් සිදුව ඇති අතර එහි ප්‍රථිපල ඉදිරි අනාගතයේදි දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩ පවතින බවටද වාර්තා පළවේ.

    එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර විශේෂ හමුදා පුහුණුවක් ත්‍රිකුණාමලයේදී

    0

    එක්සත් ජනපද නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අද (22) දින සිට එළැඹෙන 26 වැනි දින දක්වා ත්‍රිකුණාමලයේ දී Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය සඳහා එකවීමට නියමිතය.

    CARAT ශ්‍රී ලංකා සඳහා එක්සත් ජනපද බලඇණි ත්‍රස්ත මර්ධන ආරක්ෂක කණ්ඩායම (FAST), නාවික අංශයේ ආරක්ෂාව සහ ත්‍රස්ත මර්ධනය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන එක්සත් ජනපද මැරීන් බලකායේ විශේෂ ඒකකයක් සම්බන්ධ වනු ඇති අතර මෙම පිරිස්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමඟ පුළුල් පරාසයක් තුළ සිය පුහුණුවීම් කිරීමට නියමිතව ඇත.

    සාම සාකච්ඡා, ගැටුම් කළමනාකරණය සහ නිරාකරණයේ දී කාන්තාවන් නිරූපණය කරන වැදගත් භූමිකාව ප්‍රවර්ධනය කිරීමද අපෙක්ෂා කරමින් CARAT ශ්‍රී ලංකා අභ්‍යාසය අප්‍රේල් 24 වැනි දින කාන්තාවන්, සාමය සහා අරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    එක්සත් ජපනද කාර්යමණ්ඩලයේ 70 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පස් වැනි වරට පවත්වනු ලබන මෙම CARAT ශ්‍රී ලංකා ද්වී පාර්ශවීය සමුද්‍ර අභ්‍යාසය නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාමට එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ඇති පොදු කැපවීම සහ ශක්තිමත් හවුල්කාරීත්වය පිළිබිඹු කරයි.

    ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය මෙම අභ්‍යාසයේ වැදගත්කම පිළිබඳව මෙසේ අදහස් පල කළාය: “2017 දී ශ්‍රී ලංකාව CARAT අභ්‍යාසයට සහභාගි වන්නට ගත් තැන් පටන්, ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා අපට ඇති පොදු කැපවීම පිළිබිඹු කරමින්, එය එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර සිදුවන වඩාත්ම වැදගත් ද්වීපාර්ශවීය හමුදා සම්බන්ධවීම බවට වර්ධනය වී තිබෙනවා. ඉන්දු ශාන්තිකරයේ සමුද්‍රීය ආරක්ෂක අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා වඩාත් හොඳින් එක්ව කටයුතු කරන්නට එ.ජ. සහ ශ්‍රී ලංකා නාවික හමුදාවල හැකියාව වැඩි කරන්නා වූ හවුල්කාරීත්ව පෝෂණය කිරීම, සහයෝගීතාවය දිරිගැන්වීම, සහ සමුද්‍රීය හැකියාවන් වැඩිදියුණු කිරීම එක්සත් ජනපදය කොතරම් වැදගත් කොට සලකනවාද යන්න මේ අභ්‍යාසයෙන් පෙන්නුම් කරනවා.”

    1995 දී ආරම්භ කරන ලද CARAT යනු එක්සත් ජනපදය සහ බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ටිමෝර්-ලෙස්තේ යන රාජ්‍යයන් අතර සිදුකෙරෙන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අභ්‍යාස මාලාවකි.

    එහි 30 වැනි සංවත්සරය සමරමින්, මෙම අභ්‍යාස මාලාව සැලසුම් කර ඇත්තේ ඉන්දු ශාන්තිකර කලාපයේ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන සමුද්‍ර ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් එක්ව ක්‍රියා කිරීමට සහ ක්‍රීඩා, සංස්කෘතික සහ තොරතුරු හුවමාරු හරහා සබඳතා ගොඩනඟා ගැනීමට මගපෑදීම හරහා එක්සත් ජනපදය සහ හවුල්කාර නාවික හමුදාවන් අතර මෙහෙයුම් සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ය.

    ගුවන් හමුදාපති ගෞරව නාමාවලියට

    0

    ගුවන් හමුදාධිපතිතුමන් ඇමරිකානු එක්සත් ජනපද ඇලබාමා ඡාත්‍යන්තර ගුවන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක්ව ඇත.

    අමෙරිකානු එක්සත් ඡනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ,මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කොට ඇති ඡාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනය (International Honour Roll) සදහා එම විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ නිලධාරීන්ගේ නම් ගෞරව නාම ලේඛනය සදහා ඇතුළත් කිරී‌‌මේ උත්සවය 2024 අප්‍රේල් 19 වන දින ඒම කඳවුරේදී පවත්වා තෙබේ.

    මෙම අවස්ථාවට ජාත්‍යන්තර ආදි සිසුන් 21 දෙනෙකු ගෞරවනීය නාම ලේඛනයට(International Honour Roll) ඇතුළත් කිරීමට සුදුසුකම් ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා ද එම ගෞරව නාම ලේඛනයට ඇතුලත්වීම විශේෂ කරුණකි.

    ඡාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනයට(International Honour Roll)නම ඇතුලත් කිරීම සිදුවනුයේ එම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඉහළම හමුදා හෝ ප්‍රමුඛ සිවිල් තනතුරු වල සේවය කරන විදේශීය නිලධාරීන් හා ඡේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් හටය.

    ඩෙංගු මාස 4ට නවයක් බිලි අරන්

    0

    මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

    ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 21,453 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

    එම සංඛ්‍යාව 4608 කි.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 02 ක් ඩෙංගු අධි අවදානම් මට්ටමේ පවතින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    දියණියගේ පෙම්වතාට පහරදුන් පොලිස් තාත්තා අත්අඩංගුවට

    0

    සිය දියණියගේ පෙම්වතාට පහරදුන් පොලිස් බුද්ධි අංශයක සැරයන්වරයෙකුව පදවිය පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.

    පදවිය මෛත්‍රීපුර පදිංචි 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකුට සැරයන්වරයා විසින් පහරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගිය 19 වෙනිදා පදවිය පොලීසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

    මෙම සිසුවා සිය දියණිය සමඟ පෙම් සම්බන්ධයක් පවත්වන බැවින් එය නතරකරන ලෙස පවසා පහරදීම සිදුව ඇති බව සිසුවගේ පාර්ශවයෙන් පවසා ඇතත් පොලිස් සැරයන්වරයා පවසන්නේ තමා පහරදීමක් සිදුනොකල බවත් පාසල් කාලයේ මෙවැනි දේවල් සිදුකිරීම සුදුසු නොවන බව පවසා අවවාදයක් පමණක් ලබාදුන් බවත්ය.

    කොටි වලදැමූ රන් සොයා ආ සැරයන් එක්ක 04ක් කොටු – ඔයාමඩු ස්ථානාධිපතිත් එතැනට ඇවිත් ගිහින්

    0

    කොටි ත්‍රස්තවාදීන් විසින් වලදමා ඇතැයි කියැවෙන රන් ගොඩ ගැනිමට පැමිණි බව කියන පොලිස් සැරයන්වරයෙක් ඇතුළු සිව් දෙනෙකු සිලාවතුර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් සැරයන්වරයා ඔයාමඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතව සිටින අයෙකි. සෙසු සැකකරුවන් දඹුල්ලේ පදිංචිකරුවන්ය.

    සිලාවතුර කොන්ඩච්ච මරිච්චකට්ටි ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකල මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානයට ඉදිරිපත්කර ඇත. සැකකරුවන් අතර සැරයන්වරයෙක් සිටින බව අනාවරණය වී ඇත්තේ පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීමේදීය.

    වැඩිදුර විමර්ශණයේදී හෙළිවී ඇත්තේ ඔයාමඩු පොලිස් ස්ථානාධිපතිවරයාද මෙම ස්ථානයට පැමිණ ගොස් ඇති බවය. ඒ ගැන විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    පලස්තීනයෙන් අමෙරිකාවට දොස්

    0

    ඇමරිකාව සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් යළි සිතා බැලිය යුතු බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පවසයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා තම රට කළ ඉල්ලීම ඇමරිකාව නිෂේධ කිරීමෙන් පසු, පලස්තීන ජාතික අධිකාරිය ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බලන බව හෙතම විදෙස් මාධ්‍ය හමුවේ කියාසිටියේය.

    ජාත්‍යන්තර නීතියට පටහැනිව ක්‍රියා කරන ඇමරිකාව ද්විරාජ්‍ය විසඳුම සම්බන්ධයෙන් මෙන්ම කලාපීය සාමය සහතික කරන බවට දී ඇති සියලු පොරොන්දු කඩ කර ඇතැයි ද පලස්තීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ඊශ්‍රායල – පලස්තීන ගැටුම විසඳීම සඳහා යුක්ති සහගතව ක්‍රියා නොකරන්නේ නම් කලාපීය ස්ථාවරත්වය සාක්ෂාත් නොවනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

    ගාසා යන චීන සහනාධාර ඊජිප්තුවට

    0

    ගාසා තීරයේ පවතින දැඩි මානුෂීය අර්බුදය සමනය කිරීම සඳහා චීන රජය හැකි උපරිම අයුරින්, පලස්තීනයට අඛණ්ඩව සහනාධාර සැපයීමේ නිරත ව සිටී. මේ වන විට චීනය ඊජිප්තුව හරහා ගාසා තීරයට ආහාර, ඖෂධ, ධාන්‍ය සහ වෛද්‍ය සැපයුම් වැනි හදිසි මානුෂීය ආධාර අදියර කිහිපයක් යටතේ ලබා දී තිබේ.

    කූඩාරම්, බ්ලැන්කට්, කපු ඇඳුම්, වෛද්‍ය සැපයුම් සහ පිටි ඇතුළු නවතම චීන සහනාධාර තොග දෙකක් ඉකුත් 18,19 දිනවල ඊජිප්තුවට ළඟා වී තිබේ. මේවා රෆා හි වරායන් ඔස්සේ ගාසා තීරයට යැවෙනු ඇත.

    ඊජිප්තුවේ පලස්තීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් කියාසිටියේ, තම රටේ ජනතාව වෙනුවෙන් චීනය දක්වන නිරන්තර සහයෝගය හා කාරුණිකත්වයට අවංක කෘතඥතාව සහ ඉහළ ගෞරවය පුද කරන බවයි.

    40 වැඩියි – හැඳුනුම්පත නැත්නම්

    0

    මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.

    උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව හෙතම කියා සිටියේය.

    අදාළ වැඩපිළිවෙල පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වා ක්‍රියාත්මක වූ අතර එම කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත්ව තිබෙන ඉල්ලිම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව හෙතම පවසයි.

    ෆොක්හිල් රේස්කාර් අනතුරින් මියගිය හත් දෙනා – 5කට බරපතලයි

    0

    දියතලාව ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය අතර තුර මෝටර් රථ තුනක් ධාවන පථයෙන් පිට පැනීමෙන් සිදු වූ අනතුරෙන් අට හැවරිදි දැරියක ඇතුළු 07 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

    මෙසේ තුවාල ලැබු පිරිසෙන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරන ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය මෙවර සංවිධානය වූයේ සිවු වසරකට පසුවය.

    තරගයට එක්ව තිබු මොටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු අදාළ අනතුර දැක ගැනීමට සීමාව ඉක්මවා නරඹන්නන් පිරිසක් මදක් ඉදිරියට පැමිණ ඇති අතර, දුහුවිල්ලෙන් වැසී ගිය ධාවන පථයේ ඉදිරියට ආ තවත් මොටර් රථ දෙකක් වේගයෙන් පැමිණ අදාළ නරඹන්නන් සිටි ස්ථානයට කඩා වැදී අනතුරට ලක්ව තිබේ.

    දියතලාව නරිය කන්දේ (ෆොක්ස්හිල්) අනතුරින් මිය ගිය අයගේ විස්තර මෙසේය.

    (01)

    නම:-මුත්තුසාමි උදයකුමාර්.

    ලිපිනය:-පහල කොටස,ඩයරබාවත්ත,වැලිමඩ.

    වයස:- අවු 55 යි.

    (02)

    නම:-ශිව කුමාර් දිනුෂිකා.

    ලිපිනය:-පහල කොටස,ඩයරබාවත්ත,වැලිමඩ.

    වයස:- අවු 08 යි.

    (03)

    නම:-චමත් නිරෝෂන්.

    ලිපිනය:-අංක 186,රාජපක්ෂපුර,සීදුව.

    වයස:- අවු 19 යි.

    (04)

    නම:-රසික අබේනායක.

    ලිපිනය:-අංක 618,තල්දුව,අවිස්සාවේල්ල.

    ජා.හැ.අ:-921 254 687 වී.

    රැකියාව:-යු.හ සෙබල අංකය:- -629641.

    සේවා ස්ථානය:-කොස්ගම ශාලා කදවුර.(නිවාඩු ලබා සිටියදි මෙම උත්සවය නැරඹිමට පැමිණි අයෙකි.

    (05)

    නම:-අරුණ ශාන්ත උපාලිගමගේ.

    ලිපිනය:-අංක 121,රාහුලපාර,මාතර.

    ජා.හැ.අ:-620 452 670 වී.

    (06)

    නම:-අසේන් හීනටිගල.

    ලිපිනය:- අංක821/10 ඒ,තරංගා වලව්වත්ත,අකුරැස්ස.

    වයය:-අවු 20 යි.

    (07)

    නම:-ගනේෂ් ජයවර්ධන.

    ලිපිනය:-අංක 116/01,අකුරැස්සපාර,ගොඩගම,මාතර.

    වයස:- අවු 60 යි.

    තුවාලකරුවන්:-

    1.රාජිත උලුවිට.ජා.හැ.අ-1993 1740 0202 මාතර ප්ර දේශය (රියදුරු).

    2.ඩබ්.එම් පුබුදු ජානක,වයස අවු 30 යි – බණ්ඩාරවෙල.

    3.ඊ.එන්.ඒ ඩිලාන්,වයස අවු 25 යි -බණ්ඩාරවෙල.

    4.එන් නිරෝෂන්,වයස අවු 35යි – නායබැද්ද.

    5.ඩිලාන් අදිකාරි,ජා.හැ.අ:-1975 1950 1248,වයස අවු 47 යි.-පේරාදෙණිය,මහනුවර.(රියදුරු).

    6.එල්.එන් ධනුස්ක ලියදිපිටිය,වයස අවු 45 යි-නුගතලාව.

    7.අසිත හපුආරච්චි.වයස අවු 26-බදුල්ල.

    8.කමල් ශ්රිර රංගම් වයස අවු 27- කැබිල්ලෙවෙල,බ/වෙල .

    9.ඒ ක්‍රිසාන්ත,වයස අවු 42 යි.- පටිටියගෙදර.

    10.සාමික චතුරංග වයස අවු 27.

    11.බි.පි.එන් සාමින්ද,කැඩෙට් නිළදාරි-(නිල අංකය සී 87061.) වයස අවු-26.

    12.ඩබි.නදීකා දිල්හානි.වයස අවු 29 යී-බදුල්ල.

    13.අසිනි සෙව්වන්දි.වයස අවු 18 යී -කුඔල්වෙල,ඇල්ල.

    14.ඉරේෂා මධුෂානි.වයස අවු 31යි.ගල්ඒදණ්ඩ,දියතලාව.

    15.කේ.ඒ අනුත්තරා දේවින්දි,වයස අවු 19 යී.-රත්කරව්ව,හපුතලේ.

    16.ආර්.එම් රණසිංහ,වයස 37 යි.

    (බලුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන අයවලුන් :-

    1.එම්.විජේකුමාර,වයස අවු 35 යී-නායබැද්ද,බ/වෙල.

    2.උදිත උමේස් වයස අවු 22 යී-නායබැද්ද,බ/වෙල.

    3.එම්.තරින්දි වයස අවු 16 යී – බ/වල.

    සැමියා විසින් තමාව දූෂණයකළ බවට බිරිඳකගෙන් පොලීසියට පැමිණිල්ලක්

    0

    සිය සැමියා විසින් තමාව දූෂණය කළ බවට අරලගංවිල පදිංචි 27 හැවිරිදි බිරිඳක් සිය සැමියාට එරෙහිව පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත්කර ඇත.

    ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව පොලීසිය ඇගේ සැමියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය බිරිඳව බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනාව මතය.

    පොලීසිය පවසන්නේ සැමියාද 27 හැවිරිදි අයෙක් බවය. සිය බිරිඳගේ කැමැත්ත නොමැතිව බලහත්කාරයෙන් බිරිඳ සමඟ එක්වීම නීතිය හමුවේ සැළකෙන්නේ වරදක් ලෙස බව පොලීසිය කියයි. ඒ අනුව අත්අඩංගුවටගත් සැමියා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    දොළුකන්ද රක්ෂිතයේදී 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 යේ පෙම්වතා අත්අඩංගුවට

    0

    දොළුකන්ද රක්ෂිතයට රැගෙන ගොස් සිය 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 හැවිරිදි සිසුවකු කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු 13ක් වන මෙම ශිෂ්‍යාව නිකදළුපොත ඉහළ බාරුබේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. තවමත් පාසල් යන සිසුවියක් වන ඇය නිකදළුපොත පුහුල්හේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16වන ශිෂ්‍යයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස මේ දෙදෙනා පෙම්සුව විදීමට දොළුකන්දප රක්ෂිතයට ගොස් සිටියදී සිසුවා විසින් සිසුවියව දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

    පොලිස් පෙම්වතා සමඟ උරණවී පොලිස් පෙම්වතිය දිවිතොරකර ගැනීමේ තැතත්

    0

    සිය පොලිස් පෙම්වතා සමඟ ඇතිකරගත් ආරවුලක් මුල්කරගෙන ඹෟෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් පානයකර සියදිවි හානිකර ගැනීමට උත්සහගත් පොලිස් ළමා හා කාන්තා අපයෝජන හා විමර්ශන කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා විසින් ඊයේ (20) පියවර ගෙන ඇත.

    මෙම කොස්තාපල්වරිය ළමා හා කාන්තා හා විමර්ශන කාර්යංශයේ 109 මහජන පැමිණිලි මෙහෙයුම් මැදිරියේ රාජකාරි යොදවා සිටියදී සියදිවි හානිකර ගැනීමට උත්සහ දරා ඇත්තේ පසුගිය 19 වෙනිදාය.

    මෙම නිලධාරිනියගේ පෙම්වතා වන පොලිස් කොස්තාපල්වරයා තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ විලාසිතා නිවසෙහි පුහුණු ඒකකයේ රාජකාරිවල නිරතව සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    එම නිලධාරියා සමඟ මෙම නිලධාරිනිය ආරවුලක් ඇතිකරගෙන ඇතිවූ මානසික පීඩනයක් සහ සිත්තැවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට තැන්කර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. ඇය මේ වන විට නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

    නරියාකන්දේ අනතුරින් මිය ගණන 07ට නගී – තුවාලකරුවන් ගණන 19යි

    0

    දියතලාවේ සිදුවූ අනතුරින් සිය ගිය ගණන 07 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන් 16 දෙනෙක් දියතලාව රෝහලේද තිදෙනෙක් බදුල්ල රෝහලේද ප්‍රතිකාර ලබයි.

    බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන තිදෙනා අතර 16 හැවිරිදි සිසුවියක් සිටින අතර ඇගේ තත්ත්වය බරපතල බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    පැයට 160කට වඩා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කරණම් ගසමින් පෙරලී ධාවන පථයේ නතර වී ඇති බවත් ඒත් එක්කම ඒ පිටුපසින් පැමිණි මෝටර් රථයේ ධාවකයාට දුහුවිලි හේතුවෙන් පෙරලුණු මෝටර් රථය නොපෙනී ඇති බැවින් එහි ගැටීමෙන් එම රථය විසිවී ගොස් ප්‍රේක්ෂකයන් මතට වැටී ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මෙම අනතුරින් මියගිය අය මෙසේව.

    1 ආර්.අබේනායක යුදහමුදා සෙබළ

    2.ගනේෂ් ජයවර්ධන

    1. අරුන ශාන්ත උපාලි ගමගේ

    4.අශේන් හීනටිගල

    5.උදයකුමාර්

    6.ධනුශිකා (8)

    1. චමින්ද නිරෝශන් (19)

    මෙම පිරිස ඇඹිලිපිටිය, මාතර, ඩයබරාව හන්දිය, සීදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මිය ගිය මේ අය අතර සිටින වැලිමඩ ඩයරබා ප්‍රදේශයෙ පදිංචි උදයකුමාර් (65) සහ ධනුෂිකා (08) මිත්තණිය හා මිණිබිරියන් බව හදුනාගෙන තිබේ.

    අනතුරින් තුවාල ලැබු අය අතර යුධ හමුදා සේවකයින් දෙදෙනෙකු සිටින බවත් ඒ අය දියතලාව මුලික රෝහලේ ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි,

    දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේ අනතුරින් 05ක් මියගොස් 21කට තුවාල

    0

    දියතලාව නරියකන්දේ පැවැත්වෙන යුද හමුදාව සංවිධානය කරන මෝටර් රථ ධාවන තරගයේදී මෝටර් රථ කිහිපයක් ධාවනය පථයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් පුද්ගලයින් 05 දෙනෙක් මියගොස් 21 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

    දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේදී පැවති මෙම අනතුරින් මියගොස් ඇත්තේ තරග නරඹන්නන් පිරිසකි.

    අයිස් ගහන්න පුරුදු වූ කටාන පොලීසියේ කොස්පතාල් අයිස් අරන් යනකොට සී.සී.ඩී.යට කොටු

    0

    අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවී සිටින සීදූව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මිලිග්‍රෑම් 800ක් සමඟ බ්ලූමැන්ඩල් හී පිහිටි සුපිරි වෙළඳ සැලක් අසලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම නිලධාරියා ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් බවත් සීදූව පොලිස් ස්ථානයට පසුගිය 04 වෙනිදා කටාන පොලිස් ස්ථානයේ සිට ස්ථාන මාරුවීමක් ලැබ ඇති අයෙක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    එම ස්ථාන මාරුවීමට අදාලව සීදූව පොලිස් ස්ථානයට පැමිණ වැඩ භාරගෙන නොමැති මෙම නිලධාරියා අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සහ පානය කරමින් සිට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.

    මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 වෙනිදා සවස් කාලයේදීය. විමර්ශන කටයුතු සඳහා ඔහුව දෙමටගොඩ පොලිස් ස්ථානයට භාරදී තිබේ. මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වා තිබේදැයි දැන ගැනීමට ඔහුගේ ජංගම දුරකථන පරීක්ෂාකරන බව ද පොලීසිය කියයි.

    මෙම නිලධාරියා විසින් සිදු කළ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන ඊයේ සිට ඔහුගේ වැඩ තහනම් කිරීමට මීගමුව සහකාර පොලිස් අධිකාරී 11 විසින් පියවර ගෙන තිබේ.

    කුෂ් රැගෙන එංගලන්තයෙන් නුවරඑළියට ආ සංචාර කකතට වූ දේ

    0

    එංගලන්තයේ සිට මෙරට සංචාරයක් සඳහා පැමිණි කතක් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ දී ඇය ගමන්කරමින් සිටි වෑන් රථයේ රියදුරුද සමඟ නුවරඑළිය කොට්ඨාශය අපරාධ විහර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඇය සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7230ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    පොලීසිය විසින් කළ හදිසි සෝදිසියකදී මෙම මත්ද්‍රව්‍ය ඇය සතුව තිබී හමුවී ඇත.

    මෙම කාන්තාව මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ පසුගිය 15 වෙනිදාය. නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට මෙම කාන්තාවත් ඇගේ රියදුරාත් ඊයේ ඉදිරිපත්කර ඇත.

    එහිදී එංගලන්ත ජාතික සංචාරක කාන්තාව රු.8000/= මුදල් ඇප මත ද රියදුරු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත ද හෙට (22) දක්වා මුදාහැර තිබේ.

    සිරිපා කන්දෙන් පැන්න තරුණයා සොයා STF සහ කමාන්ඩෝ භටයින් දැඩි මෙහෙයුමක

    0

    ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණ උඩ මළුවේ සිට මද දුරක් රත්නපුර මාර්ගයෙන් බැස යමින් සිටියදී තරුණයෙන් පසුගිය 19 වෙනිදා කන්දෙන් පැන ඇතැයි සිරිපාගම පොලීසිය කියයි.

    වයස අවුරුදු 27ක් වන මෙම තරුණයා සූරියවැව පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා දෙදරුපියෙක් බවත් ගොවියෙක් බවත් පොලීසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

    ශ්‍රී පාද වන්දනාකිරීමෙන් අනතුරුව මෙම තරුණයා කන්ද බැසීමට පටන්ගෙන ඇත්තේ රත්නපුර මාර්ගයෙන් බවත් මද දුරක් පහලට ගොස් ඔහු කන්දෙන් පැන ඇති බවත් පොලීසිය කියයි.

    මෙම තරුණයාව සොයා යුද හමුදා කමාන්ඩෝ බලකායත් පොලීස් විශේෂ කාර්ය බලකාය මෙන්ම අවට ගම්වල වැසියන්ද දැඩි වෙහෙසක් ගන්නා බව පොලීසිය සඳහන් කළේය.

    මෙම තරුණයා ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇතැයි පැවසෙන්නේ කාන්තාවක් සමඟ බවත් එම කාන්තාවද හදුනාගෙන ඇති බවත් පොලීසිය කියයි. එම කාන්තාව ඔහුගේ බිරිඳ හෝ පවුලේ ඥතියෙක් නොවන බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා උඩ මළුවේදී පිස්සුවෙන් මෙන් විවිධ විකාර කථා පවසමින් සිට ඇති බවත් ඇතැම් විට ඔහු මේ පැමිණි ගමන බිරිඳ හෝ පවුලේ කිසිවෙක් විසින් දැන ගැනීමෙන් අනතුරුව ඔහු එසේ හැසිරෙන්නට ඇති බවත් පොලීසිය සැකකරයි.

    බී ලූණු මිල අඩුවෙයි! සතොස බාර ගනී

    0

    ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූණූ ආනයනය කිරීමට තීරණය කර තිබේ.

    ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ලූණූ මෙට්‍රික්ටොන් දස දහසක තොගයක් අපනයනය කිරීමට තීරණය කර තිබිණි.

    එම ලූණූ තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද නැතහොත් රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ලූණූ ආනයනය කර අලෙවි කිරීමටය.

    පළමු තොගය ලෙස ලූණූ මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේ දී ලොකු ලූණු මිල පහළ යනු ඇතැයි වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ

    0

    14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බෙයිජිං නුවර යැංචි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වෙයි.

    චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මෙහෙයවීම යටතේ චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කරන එම උළෙල 18 වැනිදා ඇරඹිණ.

    චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිශොං මහතා එම උළෙලට සහභාගි විය. සංස්කෘතියට අධ්‍යාත්මය සම්බන්ධ කළ හැකි බවත්, කලාවට ලෝකය සම්බන්ධ කළ හැකි බවත් චීන ජනාධිපති ‍ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇතැයි ඔහු එහිදී කියාසිටියේය. ගෙවී ගිය වසර 14 ක කාලය තුළ මෙම සිනමා උළෙලේ ජාත්‍යන්තර බලපෑම වඩාත් වර්ධනය වෙමින් පවතින බව ද හෙතෙම පැවසීය.

    දෙස් විදෙස් සිනමාකරුවන් රැස්ව චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ සංස්කෘතික හුවමාරු තර කිරීම මෙවරත් බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර උළෙල සඳහා ලියාපදිංචි වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 4,273 කි. ඒ අතර ප්‍රධාන තරග අංශය වන "ටියැන්ටන් සම්මානය" සඳහා චිත්‍රපට 1509 ක් ලියාපදිංචි වී තිබීම කැපීපෙනේ.

    මෙහි සමාප්ති උළෙල ලබන 26 වැනිදා පැවැත්වෙයි. "ටියැන්ටන්" සම්මානලාභියා එහිදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

    සුපිරි වෙළඳ සැල් පරීක්ෂාවේ දී අල්ලස් අරගෙන

    0
    Man holds, gives a bag of money in hand like a bonus. Businessman holding bag of money in hand offering bribe with copy space. Cash bag concept.

    සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් හා දැනුවත් කිරීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතා පැවසීය.

    හික්කඩුව, ගාල්ල, ඇල්ල, නුවරඑළිය වැනි සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල විශේෂ වැටලීම් සිදු කිරීමටයි තීරණය කර ඇතැයි හෙතම කියා සිටියේය.

    පසුගිය දින කිහිපය තුළ කළුතර සහ අලුත්කඩේ සිදුවූ සිද්ධි හේතුවෙන් මෙවැනි විශේෂ වැටලීම් සිදු කරන බව හෙතම පැවසීය.

    මේ අතර, සුපිරි වෙළෙඳසල් පරික්ෂාවට ලක් කිරීමේදී අල්ලස් ගත් නිලධාරීන් පිළිබඳ සිදුවීම් 3ක් පසුගිය දිනවල වාර්තා වී තිබේ.

    පාරිභෝගික කටයුතු අධිකාරිය එම නිලධාරීන්ගේ වැඩ තහනම් කර විමර්ශනය කටයුතු කරන බව සංජය ඉරසිංහ මහතා පැවසීය.

    වෛද්‍යවරු 350ක් රට හැර යති

    0

    රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350ක් මෑතකාලයේ රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කළප ස්වයං අධ්‍යනයකින් මේ බව හෙළි වී තිබේ.
    ආර්ථික අර්බුදය හුවා දක්වමින් මෙම වෛද්‍යවරුන් රට හැර ගොස් ඇත.

    ළමා හා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් හිඟයක් පවතින බව නිවුස් වේව් ඊයේ දිනයේ වාර්තා කළ අතර, අදාළ පුවත පළවීමත් සමඟ වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කරුණු සොයා බලා තිබිණි.

    හම්බන්තොට රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම බොහෝ කලක පටන් කතාබහට ලක්වන්නක් වන අතර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු පැදුරටත්ළ නොකියා විදෙස්ගත වූ පසු එම පුරප්පාඩුව පියවීමට පත්කළ තුන්වැනියා දා ඊයේ වනවිට නොදන්වාම විදෙස්ගත ව ඇතැයි වාර්තා වේ.

    කොළඹ ගම්පහ කොටසකට 24 වැනිදා ජලය නෑ

    0

    ලබන බදාදා (24 )වන දින පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙනි.

    ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා- ඇල, කටුනායක/ සීදූව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

    ඒ හේතුවෙන් ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස එම ආයතනය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    චීනය අමෙරිකාවේ වගකීම මතක් කරයි

    0

    ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් ඇමරිකාව තම වගකීම ඉටු කළ යුතු බව චීනය කියයි

    ජගත් ප්‍රජාවේ ඉල්ලීම්වලට සවන් දෙන ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කෙටුම්පත අඛණ්ඩව විමර්ශනය කරමින් සිටින බව චීන විදේශ ඇමති වං යී මහතා කියාසිටී.

    ඉන්දුනීසියානු විදේශ ඇමතිනි Retno Marsudi මහත්මිය සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එය ජකර්තා නුවර දී ඊයේ (18) පැවැත්විණ.

    පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බවට එහිදී පළ වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් වං යී මහතා ඉහත අදහස් පළකළේය.

    ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඉදිරිපත් කෙරුණු කෙටුම්පත් රැසක් ඇමරිකාව සම්පූර්ණයෙන්ම නිෂේධ කළ බව ද හෙතෙම පැවසීය.

    ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වන ඇමරිකාව එහි රෙගුලාසි සහ ජාත්‍යන්තර නීතිය පිළිපැදිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එහිදී ඇමරිකාවට සුවිශේෂ වරප්‍රසාද හිමි නොවේ. සෙසු සාමාජික රටවල් සමග එක්ව ජාත්‍යන්තර වගකීම භාර ගනිමින් පලස්තීන ජනතාව බේරා ගැනීමට ඇමරිකාව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද වං යී මහතා පැවසීය.

    ඉරානයට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

    0

    මැදපෙරදිග උණුසුම් කරමින් ඊශ්‍රායලය විසින් ඉරානය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තාවේ.

    ඒ අනුව ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒත් සමඟම ඉරානයේ මිසයිල ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වී ඇති බවටද අනාවරණය වේ.

    ඉරානයේ ෆාර්ස් පුවත් සේවය වාර්තා කර සිටියේ ඉරානයේ ඉස්ෆහාන් හි ගුවන් තොටුපළක් ආසන්නයෙන් පිපිරීමක් ඇසුණු බවයි. ඒ අනුව මේවන විට ඉරානය ඉස්ෆහාන්, ෂිරාස් සහ ටෙහෙරාන් නගර හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

    මේ අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ, එරට ගුවන් ආරක්ෂක පද්ධතිය විසිස් ඉස්ෆහාන් නගරය වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානා තුනක් බිම හෙලීමට සමත්වූ බවයි.

    ඊශ්‍රායලය විසින් ඉරනයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් ද තහවුරු කර ඇති බවද බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි.

    හිටපු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් මාර්ක් කිමිට් බීබීසී පුවත් වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉස්ෆහාන් හි ඉරාන න්‍යෂ්ටික පර්යේෂණ කේන්ද්‍රස්ථානය ගතව ඇති බැවින් ඊශ්‍රයාලය සිය ප්‍රහාර එම නගරය වෙත එල්ල කිරීමට පියවරගෙන ඇති බවට උපකල්පනය කළ හැකි බවයි.

    නිර්වින්දන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු රට ගිහිං

    0

    ළමා රෝග විශේෂඥවරුන්ගේ හා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපාල මහතා සඳහන් කළේ, බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවයි.

    තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කළේ ය.

    විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින බවද ලේකම්වරයා පවසයි.

    හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල පසුගියදා විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් රෝගින් අපහසුතාවට ලක් විය.

    හෙදියන් බොහො පිරිසක් විදේශ රටවල රැකියාවට ගිය ද, නව බඳවා ගැනීම් හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බදා වී නැතැයි පාලිත මහිපාල මහතා සඳහන් කළේ ය.

    අත ගැන තීන්දුවක් නෑ – මැකො

    0

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, එම පක්ෂයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වනවිට තමා වෙත යොමු කර ඇති සියලු ලිපිලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරන බවත් එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පවසයි.

    ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදුකළ පත් කිර‍ීම්වලට එරෙහිව එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල මහතා සඳහන් කළේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදුවිය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

    මේ අතර, පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් නව තීන්දු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ජාතික මැතිවරණ කොමිසම හමුවේ කරුණු වාර්තා කර තිබේ.

    ඒ දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සහ ඊට අදාළව කරුණු දක්වමින් ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කළ බවයි.

    දහදාහක් ළමයි ළමා නිවාසවල

    0

    මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ඇති ළමා නිවාස 354 තුළ ළමයින් 9,147ක් සිටින බව පරිවාස හා ළමාරක්ෂක සේවාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කෙසේවෙතත් ළමුන් ළමා නිවාසගත වීමේ අඩුවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය යටතේ කිසියම් අවස්ථාවක දී දරුවකු ළමා නිවාසගත කෙරෙන්නේ ඒ සඳහා ඇති අවසාන විකල්පය ලෙස බවත්, දරුවකු පවුලක් තුළ ඇති දැඩිවීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව පවසයි.

    එබැවින් පරිවාස නිලධාරීන් හැකි සෑම අවස්ථාවකදීම දරුවාගේ ස්වාභාවික පවුල තුළ හෝ වෙනත් සුදුසු භාරකරුවකු යටතේ පවුලක් තුළ දරුවාට ඇති දැඩිවීමට අවස්ථාව සැලසීම සඳහා කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අඟහරු අත්දැකීමට තෝරාගත් අපේ විද්‍යාඥවරිය ආචාර්ය පියුමි විජේසේකර

    0

    දින 45ක අනුකරණිත අඟහරු මෙහෙයුමක් සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියක වන ආචාර්ය පියුමි විජේසේකර මෙනවිය තෝරාගෙන ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය නිවේදනය කර ඇත.

    මෙම මෙහෙයුම සඳහා තෝරාගත් සිවු දෙනාගෙන් එක් අයකුවන ආචාර්ය පියුමි විජේසේකර මෙනවිය හුස්ටන් හි ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ නිර්මාණය කර තිබෙන (Human Exploration Research Analog) අනුකරණිත අඟහරු මෙහෙයුම සඳහා එක්වීමට නියමිතව ඇත්තේ ලබන මැයි 10 වැනිදාය.

    එතැන් පටන් මෙම සිවු දෙනෙකුගෙන් යුත් ස්වේච්ඡා කාර්ය මණ්ඩලය දින 45ක් අදාළ මෙහෙයුමේ නිරතවීමට නියමිත අතර ඔවුන් ලබන ජුනි මස 24 වැනිදා නැවත පෘතුවියට පැමිණීමේ අත්දැකීම ලබනු ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ද ඇයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    NASA – National Aeronautics and Space Administration හි අඟහරු වෙත සිව් පුද්ගල සමාකරණ මෙහෙයුමේ සාමාජිකාවක් ලෙස තෝරා ගැනීම පිළිබඳව පියුමි විජේසේකරට සුබ පැතුම්!

    කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඇයගේ මූලික අධ්‍යයනයේ සිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියක් ලෙස ඇයගේ වර්තමාන භූමිකාව දක්වා, ඇයගේ ගමන STEM ක්ෂේත්‍රවල සිටින තරුණ ගැහැණු ළමයින් සඳහා පූර්වාදර්ශයකි.

    අඟහරු ග්‍රහලෝකය ගවේෂණය කිරීමට සහ අභ්‍යවකාශ ගවේෂණයේ අනාගත ප්‍රගතියට මග පාදා ගැනීමට ඇය මෙම උද්යෝගිමත් මෙහෙයුමට දායකවීම පිළිබඳව සුබ පැතුම් එක් කරමු. යැයි එහි සඳහන්ය.