fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර විශේෂ හමුදා පුහුණුවක් ත්‍රිකුණාමලයේදී

    එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර විශේෂ හමුදා පුහුණුවක් ත්‍රිකුණාමලයේදී

    එක්සත් ජනපද නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අද (22) දින සිට එළැඹෙන 26 වැනි දින දක්වා ත්‍රිකුණාමලයේ දී Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය සඳහා එකවීමට නියමිතය.

    CARAT ශ්‍රී ලංකා සඳහා එක්සත් ජනපද බලඇණි ත්‍රස්ත මර්ධන ආරක්ෂක කණ්ඩායම (FAST), නාවික අංශයේ ආරක්ෂාව සහ ත්‍රස්ත මර්ධනය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන එක්සත් ජනපද මැරීන් බලකායේ විශේෂ ඒකකයක් සම්බන්ධ වනු ඇති අතර මෙම පිරිස්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමඟ පුළුල් පරාසයක් තුළ සිය පුහුණුවීම් කිරීමට නියමිතව ඇත.

    සාම සාකච්ඡා, ගැටුම් කළමනාකරණය සහ නිරාකරණයේ දී කාන්තාවන් නිරූපණය කරන වැදගත් භූමිකාව ප්‍රවර්ධනය කිරීමද අපෙක්ෂා කරමින් CARAT ශ්‍රී ලංකා අභ්‍යාසය අප්‍රේල් 24 වැනි දින කාන්තාවන්, සාමය සහා අරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    එක්සත් ජපනද කාර්යමණ්ඩලයේ 70 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පස් වැනි වරට පවත්වනු ලබන මෙම CARAT ශ්‍රී ලංකා ද්වී පාර්ශවීය සමුද්‍ර අභ්‍යාසය නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාමට එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ඇති පොදු කැපවීම සහ ශක්තිමත් හවුල්කාරීත්වය පිළිබිඹු කරයි.

    ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය මෙම අභ්‍යාසයේ වැදගත්කම පිළිබඳව මෙසේ අදහස් පල කළාය: “2017 දී ශ්‍රී ලංකාව CARAT අභ්‍යාසයට සහභාගි වන්නට ගත් තැන් පටන්, ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා අපට ඇති පොදු කැපවීම පිළිබිඹු කරමින්, එය එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර සිදුවන වඩාත්ම වැදගත් ද්වීපාර්ශවීය හමුදා සම්බන්ධවීම බවට වර්ධනය වී තිබෙනවා. ඉන්දු ශාන්තිකරයේ සමුද්‍රීය ආරක්ෂක අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා වඩාත් හොඳින් එක්ව කටයුතු කරන්නට එ.ජ. සහ ශ්‍රී ලංකා නාවික හමුදාවල හැකියාව වැඩි කරන්නා වූ හවුල්කාරීත්ව පෝෂණය කිරීම, සහයෝගීතාවය දිරිගැන්වීම, සහ සමුද්‍රීය හැකියාවන් වැඩිදියුණු කිරීම එක්සත් ජනපදය කොතරම් වැදගත් කොට සලකනවාද යන්න මේ අභ්‍යාසයෙන් පෙන්නුම් කරනවා.”

    1995 දී ආරම්භ කරන ලද CARAT යනු එක්සත් ජනපදය සහ බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ටිමෝර්-ලෙස්තේ යන රාජ්‍යයන් අතර සිදුකෙරෙන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අභ්‍යාස මාලාවකි.

    එහි 30 වැනි සංවත්සරය සමරමින්, මෙම අභ්‍යාස මාලාව සැලසුම් කර ඇත්තේ ඉන්දු ශාන්තිකර කලාපයේ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන සමුද්‍ර ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් එක්ව ක්‍රියා කිරීමට සහ ක්‍රීඩා, සංස්කෘතික සහ තොරතුරු හුවමාරු හරහා සබඳතා ගොඩනඟා ගැනීමට මගපෑදීම හරහා එක්සත් ජනපදය සහ හවුල්කාර නාවික හමුදාවන් අතර මෙහෙයුම් සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ය.

    නුවන් සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.