තවත්
    මුල් පිටුව බ්ලොග්

    ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් ඇරඹි ඇමරිකාවේ කලු සුදු කැරැල්ල

    ඇත්ත වශයෙන්ම අමෙරිකාවේ ජාති භේද වාදය හිස ඔසවා ඇද්ද?මෙය දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකාව මුහුන දෙන බලවත් අභියෝගයක්ද? අප්‍රිකානු අමෙරිකානුවන්(African American ) යනුවෙන් හදුන්වන්නේ කවුරුන්ද? කලු ජාතිකයන් අමෙරිකාව විසින් කුනු බක්කියට දමා තිබේද ? මෙහි කලු ජාතිකයන්ට රජයේ සමාජයේ හෝ පුද්ගලික ආයතන වල ඉහලටම යාමට ඉඩ ලබාදී නැද්ද? අමෙරිකාවේ පාතාල කල්ලි මෙහෙය වන්නේ ,මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ බොහෝ අපරාධ වල නිරත වන්නේ, රැකියා නොකර රජයෙන් වැඩි වැඩියෙන් ආධාර මුදල් හා සහනාධාර ලබා ගන්නේ සොරකම් වලට ස්ත්‍රි දූශන වලට මුල් තැන දෙන්නේ මේ කලු ජාතිකයන්ද? මෙම ලිපිය මාර්ගයෙන් ඉහත සදහන් ප්‍රශ්න වලින් ප්‍රශ්න කීපයකට හෝ වසර 38ක මගේ අමෙරිකා අත් දැකීම් අනුසාරයෙන් ගවේෂණාත්මකව පිලිතුරු ඉදිරිපත් කෙරේ.

    2020 මැයි 25 දා මිනියාපොලිස් මිනිසෝටා හිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්(GEORGE FLOYD ) බෙල්ල පාගා ගෙන සිටිමින් හුස්ම හිරකර මරා දැමුවේය. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද එය බලාගෙන සිටියහ . මේ අමානුෂික මිනීමැරුම ඇතමුන් වීඩීයෝ ගත කලේ හොලිවුඩ් චිත්‍රපටයක් රූ ගත කරන අයුරිනි . මැයි 25 දා ඩෙරෙක් චවින්(DEREK CHAUVIN) නැමති සුදු ජාතික පොලිස් නිලධාරියා විනාඩි 2යි තත්පර 53ක කාලයක් මෙසේ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ බෙල්ල පාගා ගෙන සිටි බව කියනු ලැබේ . කලු ජාතිකයාගේ මරනය සිදුකල ඩෙරෙක් චවින් සහ එහි සිටි ඇලෙක්සැන්ඩර් සහ තෝමස් යනඅනිත් පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම අත් අඩංගුවට ගනු ලැබූහ . ඔවුන්ට ඇප ලබාදීම උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීය . ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරින් නිවේදනය කලහ. මේ මුලු මහත් සිද්ධි සමුදායේ සම්පිණ්ඩනය මෙයයි .

    මේ සිද්ධියෙන් පසු මුලු අමෙරිකාව ම ගිනි ගත්තේ ය. කොරෝනා මකරා ? ගේ ග්‍රහනයට හසුවී ලක්ශ 19 ක් පමන (18,22,392) රෝගීන් බවට පත්වී එක් ලක්ශ පන්දාහකට (1,05,704) වැඩි පිරිසක් මියගොස් ඇති මොහොතක අමෙරිකාවේ සිදුවෙමින් පවතින මේ භීෂණකාරී වාතාවරණය කෙසේ සමතයකට පත්වනු ඇද්ද? කෙසේවුවත් මුලු මහත් අමෙරිකාවේ ප්‍රධාන නගර 60 ක පමන දැන් පවතින්නේ යුද්ධයක් වැනි කෝලාහලය කි . වඩාත් බිහිසුණු ස්වාභාවය ක් පවතින්නේ ලොස් ඇන්ජලිස්හි සාන්ත මොනිකා (LA -SANTA MONICA ),චිකාගෝ , නිව්යෝර්ක් ,හා වොෂින්ටන් ඇතුළු තවත් නගර 47 කය. මිනසෝටාහි පොලිස් මිනීමැරුම සිදුවී දින 5 කට පසු එහි සිට කි මී 1000,2000,5000හා කි මී 6000 ටත් වැඩි දුර පිහිටි විවිධ නගර වල මෙසේ හොරුන් මංකොල්ල කරුවන් අපරාධ කරුවන් කුඩු කාරයින් පාතාල කල්ලි මෙහෙය වන්නන් ම්ලේච්ඡ අයුරින් නීතිය සියතට ගනිමින් හැසිරීම ඉමහත් ඛේදවාචකයකි. පොලිසියට එරෙහිව ඇරඹු කැ රැල්ල දැන් අමෙරිකා රජයට එරෙහි විප්ලවයක් බවට පත් වෙමින් පවතී. බලධාරින් පොලිසියට නියෝග කර ඇත්තේ කුමන හේතුව කටවත් උද්ඝෝෂකයන්ට වෙඩි නොතබන ලෙසටද ගිනි අවි භාවිතා නොකර න ලෙසටයි. නගර 50 කට වැඩි සංඛ්‍යාවක ගොඩනැගිලි 1000 කට වඩා ගිනි තබා ඇත . විවිධ ප්‍රාන්ත වල තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 900 ඉක්මවා තිබේ . පොලිස් වාහන 200ක් පමන ගිනි තබනු ලැබීය . දැවැන්ත වෙළඳ ශාලා කඩා සොරකම් කල භාන්ඩ වල වටිනාකම ඩොලර් බිලියන ගනනකි. උද්ඝෝෂකයන් ගෙන් සියයට 90 ක් පමන කලු ජාතිකයන් ය. සුදු ජාතිකයන් සහ ස්පාඤ්ඤ භාශාව කතා කරන (SPANISH ) අයද දීප ව්‍යාප්ත උද්ඝෝෂනවලට සහභාගි වී සිටිති. පොලිස් රථ ගිනි තැබිම,පොලිස් නිලධාරීන්ගේ මුහුනට කෙල ගැසීම ,පොලිස් වාහන වල තීන්ත ගෑම ,ගල් මුල් වලින් පහර දීම ,පොලිසියට ජල ප්‍රහාර එල්ල කිරීම පොලිසියට ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම කලු ම්ලෙච්ඡයින් (කලු ජාතිකයන් සියල්ලන්ම නොවේ ) බී එම් බබ්ලිව් බෙන්ස් ආදී වාහන සොරකම් කරගෙන පැමිණ දැවැන්ත සාප්පු සංකීර්ණ වලින් ඩොලර් කෝටි ගනන් වටිනා විද්‍යුත් උපකරණ (ඇපල් ජංගම දුරකථන ,ලැප් ටොප් ,කොම්පියුටර් ,රූපවාහිනී යන්ත්‍ර ආදිය) සොරකම් කර එම රථ වලට පටවාගෙන නීතිය බල්ලට ? දමා පලා යාම කොරෝනා මරගාතයට මුවාවී මුහුනු ආවරන(මාස්ක්) සහ වෙස් මුහුනු හදුනා ගැනීමට නො හැකි අයුරින් දමා ගෙන අවිනීත ලෙස හැසිරීම මා පසුගිය දෙදින තුලිදී අමෙරිකාවේදී දුටු අප්‍රසන්න සිද්ධීන්ය.එමෙන්ම මේ ජරමර අස්සේ නීති විරෝධී සංක්‍රමණිකයන්ද කොරෝනා වසංගතය නිසා රැකියා අහිමි වූවන්ද තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ට්‍රම්ප් ජනපති පතුරු ගසමින් මහමගට බැස ඇති අයුරු ද දුටුවෙමි .

    මෙසේ රටේ අවදානම් තත්ත්වයක් පවතිද්දී රාජ්‍ය බලය අල්ලා ගැනීමට දේශපාලකයන් රිපබ්ලික් (අලියා )සහ ඩිමොක්‍රැටික් (බූරුවා) වශයෙන් දෙපිලකට බෙදී ගහ මරා ගනිමින් කුලල් කා ගන්නා අයුරුද දුටුවෙමි . බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුනේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහත බසිමින් පවතින බවය. 1906 අට්ලාන්ටා 1917 සෙන්ට් ලුවිස් 1919 ඔමාහා හා ච්කාගෝ 1921 ඔක්ලහෝමා,1943 ඩෙට්‍රෝයි,1967 නෙවාර්ක්,1968 නගර 125 ක,1991 ලොස් ඇන්ජලිස්හිදි කළු ජාතිකයන්ගේ පීඩනය ඉස්මතු විය . කලු ජාතිකයන්ගේ උන්නතිය උදෙසා උදාර සටනක නිරත වූ මාටින් ලූතර් කිං 1968 අප්‍රෙල් 4දා මරා දැමූවිට එදා අමෙරිකාව පුරා සති කීපයක්ම මෙසේ උද්ඝෝෂන සිදුවිය . අමෙරිකාවේ කලු ජාතිකයන් වෙනුවෙන් ඔහු එදා දිවි පිදූ විට ඔහුගේ වයස අවුරුදු 39 කි, වොෂින්ටන් හි ලින්කන් චතුරශ්‍රය අසලදී මීට වසර 53 කට ඉහතදී I HAVE A DREAM මට සිහිනයක් ඇත යනුවෙන් ඔහු පැවැත්වූ කතාව ලොවට ? කිසිදාක අමතක නොවේ . ඔහුගේ මරනයෙන් පසු එදා අමෙරිකාව පුරා සුදු කලු යුද්ධය ඇරඹුණේ ය. ගිනිතබා පොලවට සමතලාවූ ගොඩනැගිලි සංඛ්‍යාව 1200 කට අධිකය .කලු ජාතිකයන් අති විශාල සංඛ්‍යාවක් මරා දමනු ලැබීය.

    1991 මාර්තු 3දා නිව්යෝර්ක්හිදී කලු ජාතික රොඩ්නි කිංට (RODNEY KING ) දස වද දුන් අවස්තාවේ දීද රටේ කලබල සිදුවිය.රොඩ්නි කිංට වද දුන් පොලිස් නිලධාරීන් දීර්ඝ කාලයකට සිර භාරයට යවනු ලැබූහ . රොඩ්නි කිංට ඩොලර් මිලියන 3.8 ක වන්දි මුදලක් රජයෙන් ගෙවනු ලැබීය . අමෙරිකාවේ කලු ජාතිකයන්ට එරෙහිව මෙසේ විවිධ අයුක්ති සහගත ක්‍රියාවන් රාශියක් සිදුවී තිබේ . අද අමෙරිකාවේ කලු ජාතිකයන්ගේ ජනගහනය ලක්ශ 500ක් හෙවත් කෝටි 5 කට අධිකය .2018 සංඛ්‍යා ලේඛන දක්වන්නේ කලු ජනගහනය 4,78,41,851ක් බවය. මීට වසර 180 කට පමන පෙර අමෙරිකාවේ මහා මාර්ග දුම්රිය මාර්ග විවිධ ඉදිකිරීම් සදහා වහල් සේවය තකා අප්‍රිකානු රටවලින් ගෙන එන ලද අයගෙන් පැවත එන පිරිස් අප්‍රිකානු අමෙරිකානුවන් යනුවෙන් හදුන්වනු ලැබේ . අමෙරිකාවේ 44 වැනි ජනාධිපති බරාක් ඔබාමා කලු ජාතිකයෙකි. ඔහු 2009 ජනවාරි 20 සිට 2017 ජනවාරි 20 දක්වා අවුරුදු 8 ක් ජනපති පදවිය දැරුවේය. ඔබාමා 2009 ජනවාරි 20 දා ජනපති පදවියෙහි දිව්‍ රුම් දුන් අවස්තාවේ මා ඉරිදා ලංකාදීපයේ පලකල ලිපියෙහි සිරස්තලය වූයේ “අමෙරිකා සිහිනය සැබෑ කරගත් ඔබාමා ” යනුවෙනි . මා එසේ සදහන් කලේ ඔබාමා මාර්ටින් ලූතර් කිං ගේ සිහිනය සැබෑ කරගත් හැටි පෙන්වා දෙමිනි. කලු ජාතිකයෙකු අමෙරිකාවේ ජනපති පදවියට පත්වීම තුලින් ලොවට ? කියා පාන්නේ අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතව ක්‍රියාත්මක වන බව නොවන්නේ ද? කලු ජාතිකයෙකු වසර 8 ක් ජනපති පදවිය දැරූ වාතාවරණයක් තුලදී අමෙරිකාවේ කලු ජාතිකයන්ට ස්වකීය සියලු ඉල්ලීම් ඉටු කර ගැනීම ට නො හැකි වීද?

    මීට පෙර අමෙරිකාවේ ආරක්ෂක උපදේශක පදවිය දැරුවේ කලු ජාතික කොන්ඩලීසා රයිස් ය. දෙවරක්ම මුලු මහත් අමෙරිකාවේ නීතිපති පදවියද රාජ්‍ය ලේකම් තනතුර ද දැරුවේ කලු ජාතිකයන් ය. අමෙරිකාවේ සියලුම හමුදා ප්‍රධානියා වූයේ ද කලු ජාතිකයෙකු වූ ජනරාල් කොලින් පවල්ය.(COLIN POWELL) මා මෙම උදාහරණ කීපය ඉදිරිපත් කලේ අමෙරිකාවේ කලු ජාතිකයන්ට එහි ඉහලටම යාමට ඉඩ ලැබී ඇති බව පෙන්වා දීමටය. අමෙරිකාව ගිනි ගෙන අවසන්‍ ය. මුලු මහත් අමෙරිකාවේ කෝටි 33කට අධික ජනතාවගේ ආරක්ෂාව තකා තමා ගන්නා පියවර කවරේදැයි ඉදිරි දින කීපය තුල බලාගත හැකි බව ජනපති ට්‍රම්ප් ජනතාව අමතා පැවසීය. කෝටි 5 ක් පමන වූ කලු ජාතිකයන් ගෙන් සුලු පිරිසක් සහ තම දේශපාලන විරුද්ධ වාදීන් ගෙන් පිරිසක් රට අස්තාවර කිරීමේ අසාර්ථක උත්සාහය ක නිරත වී සිටින බවද ඔහු පැවසීය . මුළු ලෝකයේ හැම රටකම පාහේ හැම කුණු ගොඩකටම පාහේ කර දෙන්නට සිදුවී ඇත්තේ පොලිස් නිලධාරීන්ටය . ජනතාවගෙන් වැඩි පුරම බැනුම් අහන්නේද පොලිසියයි. පොලිසිය දරු පවුල් පිටින් ජීවත් වන සාමාන්‍ය මනුෂ්‍ය යින් බව ජනතාව ට අමතක ය. මෙම කරුනු මා සදහන් කලේ මගේ පුත්‍රයාද පොලිස් නිලධාරියෙකු වශයෙන් අමෙරිකාවේ නීතිය හා සාමය රැකීමට පොලිස් බල ඇනි මෙහෙයවමින් දිවා රාත්‍රී කැපවී රාජකාරි සිදු කරන අයුරු දුටු නිසාය.

    අපරාධ අංශයේ ස්ථානාධිපති කුඩු කාරයොත් එක් ක ගෙවල් බිදින්න ගිහින් මාට්ටු

    0

    මත්කුඩු ලෝලීන් යොදා ගෙන නිවාස සහ ආයතනවලට පැන දේපොල සොරාගැනීම්වල නිරතව සිටි අයගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නාරාහේන්පිට පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    නාරාහේන්පිට උද්‍යාන පාරේ පිහිටි ප්‍රංශ පාසල සහ නිවසක් බිඳ දේපොල සොරාගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම සැකකරු ගැන තොරතුරු හෙළිවී තිබේ.

    මත්කුඩු සමඟ පසුගිය 12 වෙනිදා මත්කුඩු ලෝලීන් දෙදෙනෙක් පොලිසියට හසුවී ඇති බවත් අයගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයැවීම මත ප්‍රංශ පාසල සහ නිවසකට ඇතුළු වී දේපොල සොරාගත් බව හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම නිලධාරියා නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ද අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කලකට පෙර කටයුතු කර ඇති බවත් කුරුදුවත්ත පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    මෙම නිලධාරියා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙක් බව ද අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ඔහු සමග අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් දෙදෙනාද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් බව හෙළිවී ඇත.

    නාරාහේන්පිට උද්‍යාන පාරේ පිහිටි ප්‍රංශ පාසල බිඳ රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමක් ලැප්ටොප් පරිගණක ඇතුළු දේපොල සොරකම් කිරීමක් සහ නිවසක් බිඳ රුපියල් ලක්ෂ එකහාමාරක් පමණ වටිනා දේපොල සොරකම් කර තිබේ.

    මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු රාජකාරියේ නිරතව සිටියදී අයගමදී බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. නාරාහේන්පිට නිවසක් බිඳ සොරාගත් සියළු දේපොල ද ප්‍රංශ පාසලින් සොරාගත් භාණ්ඩ අතරින් එක් ලැප්ටොප් යන්ත්‍රයක්ද, වේරගොඩැල්ල, සේද මාවතේ පිහිටි නිවසකින් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

    බීමතින් රිය පැදෙව්වොත් ලක්ෂ 05 දඩය ගැන පොල ිසිය කියන කථාව

    0

    බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසුවන රියදුරන්ට රුපියල් ලක්ෂ 05ක දඩයක් සහ අවුරුදු 02ක සිර දඩුම් ලබාදෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවන තොරතුර ව්‍යාජ එකක් බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

    මෙම සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් වන අතර මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු පලකර සමාජ ගත කරන අයට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය නීත්‍යානුකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    “බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 05ක් නැති නම් අවුරුදු 02යි“ ලෙස සඳමන් කරන ලද සමාජ මාධ්‍ය තුල සංසරණය වන තොරතුර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    “දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය පැදවීමකදී මෝටර් වාහන පනතේ 2023 වන අධිකාරියේ 214(1) “අ“ වගන්තිය සමඟ කියැවෙන 1779 අංක 31 දරන මෝටර් වාහන පනතින් සංශෝධිත වූ 151(1) වගන්තිය උල්ලංඝණය කිරීමෙන් 2019 අංක 10 මෝටර් වාහන සංශෝධිත පනතේ 07 වන වගන්තියෙන් සංශෝධනය වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 216 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එය රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා දඩයකට හෝ මාස 03කට වැඩි නොවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීම හෝ දෙකම හෝ රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි නොවන කාලයක් අත්හිටුවීම කළ හැකිය“

    සිඟමන් යදින දරුවන් සහ මහ මග භාණ්ඩ අලෙවි කර න දරුවන් සොයා මෙහෙයුමක්

    0

    සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්ෂිත ලෙස මහ මර්ග දුම්රිය, බස් රථ ඇතුළු පොදු ස්ථානවල ගැවසෙන බාල වයස්කාර දරුවන් සිය භාරයට ගෙන නිසි භාරකාරත්වකට පත්කිරීම සදහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය, ඵමා හා නාව්තා කාර්යාංශ මූළස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භකර ඇත.

    මෙම මෙහෙයුම පසුගිය 19 වෙනිද ආරම්භ කළ දිනයේදී පමණක් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාවරක්ෂිත ලෙස ගැවසෙමින් සිටි බාල වයස්කාර දරුවන් 21 දෙනෙක් එම කණ්ඩායම් විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශ්‍ය සඳහන් කරයි.

    කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල, මාතර යන පොලිස් කොට්ඨාශ වලින් මෙම පිරිස සිය භාරයට ගොන තිබේ.

    ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළඳසැල්, සාප්පු සංකීර්ණ, සංඥා පහන් ඇති ස්ථාන ආවාරණය වන පරිදි මෙම මෙහෙයුම මෙදින දියත්කර ඇත.

    ගාල්ලෙ නගරාධිපතිකමට මාලිමාව පොහොට්ටුවට එක්වෙයි

    0

    ආණ්ඩුවට බහුතරය නොතිබුණු ගාල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) සමඟ එක්ව පිහිටුවීමට ජාතික ජනබලවේගය (මාලිමාව) අද (20) කටයුතු කළේය.


    ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති වශයෙන් ජාතික ජනබලවේගයේ හල්විටිගල ගමගේ සුනිල් මහතා රහස් ඡන්දයෙන් තේරී පත් වූ අතර නියෝජ්‍ය නගරාධිපති වශයෙන් හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ඒකමතිකව තෝරා ගැණිනි.


    මාලිමාව සහ පොහොට්ටුව එක්ව නගරාධිපති ධුරය ලබා ගැනීම හේතුවෙන් විපක්ෂයෙන් ඉදිරිපත් වූ සමගිජන බලවේගයේ මොහොමඩ් මවුසුප් මොහොමඩ් මහතා පරාජයට පත්විය.


    කිසිම පක්ෂයකට 50%කට වැඩි නියෝජනයක් නොලැබීම හේතුවෙන් විශේෂ කොමසාරිස්වරි ලෙස කටයුතු කළ දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20) රැස්වූ නාගරික මන්ත්‍රීවරු තමන්ගේ නගරාධිපති තේරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

    සමගි ජන බලවේගයේ මොහාමඩ් මවුසුප් මොහොමඩ් මහතා සහ ජාතික ජන බලවේගයෙන් හල්විටිගල ගමගේ සුනිල් මහතා ගේ නම් පමණක් මෙහිදී නගරාධිපති අපේක්ෂකයන් ලෙස නාම යෝජනා විය.


    එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම විවෘත ඡන්දයක් ලෙස පවත්වන්නේ ද රහස් ඡන්දයක් ලෙස පවත්වන්නේ ද යන්න තීරණය කිරීමේ දී ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර අනිකුත් පක්ෂ විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේය.


    මේ හේතුවෙන් විශේෂ කොමසාරිස් ඒ සඳහා නම් අඩගසා කොළයක තම මතය ප්‍රකාශ කරන ලෙස දන්වා සිටි අවස්ථාවේ රහස් ඡන්දයක් සඳහා බහුතරය ප්‍රකාශ විය.

    රහස් ඡන්දයක් ‍තබන්න යැයි සභිකයන් 19 යෝජනා කර තිබූ අතර සභිකයන් 17 ගේ යෝජනාව වූයේ විවෘත ඡන්දයක් තැබිය යුතු බවයි.
    මේ අනුව රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්වයක් ඇති විය. සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු නැගිට හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සමඟ බහින්බස්වීමක් ඇතිකර ගත්හ.


    මේ අතර සභාව එකම ගාලගෝට්ටියක් වෙද්දී පොලිස් නිලධාරීන් ද කැඳවූ කොමසාරිස්වරිය සභාව විනාඩි 30කට කල් තැබුවාය. ඉන් අනතුරුව සභාව රැස්වූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු සභාවේ සිටියේ නැත. ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි.


    එහි දී ජාතික ජන බලවේගයෙන් නගරාධිපතිධූරයට තරඟ කළ සුනිල් ගමගේ මහතාට ඡන්ද 19ක් හිමි වූ අතර සමගි ජන බලවේගයේ නියෝජිතයාට කිසිදු ඡන්දයක් හිමිව තිබුණේ නැත. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප කෙරිණි. නගරාධිපති තෝරාගැනීමෙන් පසුව සභිකයෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ගාල්ල මහ නගර සභාවේ හටපු නගරාධිපතිවරයකු වූ ප්‍රියන්ත සහබන්දු මහතා ඒකමතිකව තෝරා ගත්හ. 

    ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    0

    ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂය තුළදී ආරම්භ කරන අතර,ඉදිරි වසර දෙකහමාර තුළදිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානඒකක ඉදිකර මෙරට ජනතාවට විධිමත් හා ගුණාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

    මෙරට ජනතාවට වර්තමානයේ දීලබා දෙන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක හාකාර්යක්ෂම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලෙස ඉදිරි කාලයේදී ලබා දීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් ආරම්භ කරන බවත්, ඉදිරි වසර දෙකහමාර ඇතුළත දී දිවයින පුරා නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයන් හි සියලු ඉදිකිරීම් නිම කර මෙරට ජනතාවට විධිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බවත්, සෞඛ්‍ය සේවාවේ ප්‍රධානතම ව්‍යාපෘතිය බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය පත් කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රුස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේදී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව පැවැත්විණි.
    මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය සේවාවේ නිරත සියලු දෙනා එක්ව කටයුතු කළ හොත් එමගින් සෞඛ්‍ය සේවාව සදහා වාර්ෂිකව අයවැයෙන් වෙන් කරන මුදල් සියලු අංශයන් සදහා ප්‍රමාණවත් වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 200 කට වඩා අඩු මුදලකින් ඖෂධ සහ ශල්‍යඅංශයන්හි පවතින ගැටළු විසදීමට ද හැකියාව ලැබෙනු ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද පැවසී ය.

    ජනගහණය පන්දහසත් හත් දහසත් අතර පිරිසක් කේන්ද්‍ර වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීම තුළින් එම ජනතාවගේ සෞඛ්‍ය රැක බලා ගන්නා මධ්‍යස්ථානය පත් බවට මෙම මධ්‍යස්ථාන පත් කිරීමට හැකිවන බවත්, ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ආවරණය වන පරිදි සහ කිලෝමීටර් තුනක් ඇතුළත විනාඩි විස්සකින් ප්‍රදේශයේ ජනතාවට ළගාවිය හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ද පැවසී ය.

    ජනගහණය සෑම 5000 කට සියලු පරිපාලන කටයුතු දියත් කරන ඒකක ස්ථාපිත කිරීමට රජයේ බලාපොරොත්තුවක් තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා එයට සෞඛ්‍ය, අධ්‍යාපනය, පොලීසිය, කෘෂි කර්මාන්ත පරිපාලන ඒකක ආදිය ඇතුළත් ජනතා අවශ්‍යතාවයන් ඉටුකරන සෑම අංශයකින්ම සමන්විත වන ඒකකයක් ලෙස ස්ථාපිත කිරීම නව රජයේ බලාපොරොත්තුව බව ද එයට ආරම්භය ගැනීමට සෞඛ්‍ය සේවාව හොදම සේවාවක් බවද පවසා සිටියේ ය.

    මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමේදී අවශ්‍ය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉදිරියේදී සිදුකරන නව බඳවා ගැනීම් වලින් සහ දැනට පුහුණුව ලබන කාර්ය මණ්ඩල වලින් ලබා දීමට කටයුතු කරන බවද, ඊට අවශ්‍ය වන භෞතික සම්පත් ද නොඅඩුව ලබා දීමට ද සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

    සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු දෙනා උපරිම කැපවීමේන් තම සේවාවන් ඉටුකරන බවත් එයින් ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට හැකිවී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබීය.

    නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000 ක් පළමු අදියර යටතේ දිවයින පුරා ස්ථාපිත කිරීමට දැනට සැලසුම් කර ඇති අතර ඒ මගින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, පෝෂණ තත්වයන් වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය හා උපදේශන ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් හා හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීම සැලසුම් කර ඇත. මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු කුඩා සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයටන්ට සහ එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට ආවේණික හා හදිසි තත්වයන් ආශ්‍රිතව මතු වන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රජා සහ සැලසුම් අංශයන්හි විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    සජබ මන්ත්‍රීගේ ඡන්දයෙන් මාලිමාව කොලොන්නාව නගර සභාවේ බලය අල්ලයි

    0

    කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැතිව තිබුණු කොලොන්නාව නගර සභාවේ සභාපතිධූරය සජබ මන්ත්‍රීවරයකුගේ ඡන්දයද ලබාගෙන ජාතික ජනබල වේගයට ලබා ගැනීමට අද(18) හැකිවිය.

    පළාත් පාලන කොමසාරිස් සාරාංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව නගර සභා ශාලාවේ පැවති මෙම ඡන්ද විමසිම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

    කොලොන්නාව නගර සභාවට ජාජබයෙන් තේරීපත්වූයේ සභිකයන් 09 දෙනෙක් පමණි. විපක්ෂයේ සභිකයන් 10 දෙනෙක් තේරීපත්ව සිටියහ.

    රහස් ඡන්දයකට විරෝධය දක්වමින් සජබය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්බයෙන් ඉවත්ව ගියද සජබයේ එක් මන්ත්‍රීවරයෙක් සභා ගැබේ රැදී සිටිමින් ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ඡන්ද 10ක් ලබාගනිමින් ජාජබ යෙන් ඉදිරිපත්කළ මන්ත්‍රීවරයා සභාපතිධූරයට පත්විය.

    කන්දෙකැටිය සභාවේ සභාපති කමට සජබයෙන් දෙන්නෙක්ම තරග කරල

    0

    බහුතර බලයක් නොමැතිව තිබුණු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයට සමගි ජන බලවේගය විසින් සිය පක්ෂයේ සභිකයන් දෙදෙනෙක්ම ඉදිරිපත් කළ පසුබිමක් තුළ
    වැඩි ඡන්දයෙන් බලය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය අද සමත් විය.

    පැවැති රහස් ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද දෙකකින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජනබලවේගයේ හර්ෂ රත්නායක මහතාට හිමිවිණි.

    කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඌව පළාත් පාලන කොමසාරිස් ඩී.එම්.එල්.එච් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    කෙහෙළිය සහ පවුලේ උදවියට ඇප ලැබුණත් බන්ධනාගාරයට

    0

    රුපියල් මිලියන 97.35 ක් අයථා ලෙස උපයා ගැනීමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව සිදුකල විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී දියණිය වන චන්දුලා රමලී රඹුක්වැල්ල යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කළද ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යන ලදි.

    මේ අයට නියම වූයේ වෙන් වෙන් වශයෙන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනකි.

    සභා දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වයට සජබ කළ දේ

    0

    කොලොන්නාව සහ කන්දකැටිය යන ප්‍රාදේශීය සභාවල සභාපති හා උප සභාපති පත්කිරීමේදී සමගි ජන බලවේගය පක්ෂ කළමනා කරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් එම සභාවලට තේරීපත්ව සිටින සභිකයන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂ කළමනා කරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ සහ කොළොන්නාව නගර සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේදි කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොළොන්නාව නගර සභාවේ නාරාහේන්පිටගේ සුසිල් කුමාර කොස්තා යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

    ජනපති අරමුදලේ සේවා අනිද්දා සිට මාර්ගගත ක්‍රමයට

    0

    ජනාධිපති අරමුදලේ සියලු සේවා එළැඹෙන 21 (අනිද්දා) සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

    දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව මේ අනුව ලැබේ.‍

    කෙහෙළියගේ බිරිඳ සහ දියණියත් අතඅඩංගුවට

    0

     

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ

    අල්ලස් හො දූෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් පවත්වාගෙන යන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

    කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයකුව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් දීමනා හා අතිකාල රුපියල් ලක්ෂ 80ක මුදලක් රජයට පාඩු කිරීමට අදාළව මෙම විමර්ශන පැවැත්වෙයි.

    මෙම චෝදනාවලට අදාළව ආධාර අනුබල දීම යටතේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම චෝදනාවට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර තිබේ. 

    ඉතිහාසයට එක්වූ නගරාධිපතිනිය

    0

    කාන්තාවක් කොළඹ මහ නගර සභායේ නගරාධිපති ලෙස පත්වූ දෙවැනි අවස්ථාව ලෙයි කැලී බල්තසාර්ස ව්‍රා මහත්මියගේ නාමය අද (16) ඉතිහාසයට එක්විය.

    කොළඹ මහ නගර සභා ඉතිහාසයේ පළමු නගරාධිපතිනිය ලෙස වාර්තා පොත් අතරට එක්වන්නේ රොසි සේනානායක මහත්මියයි. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇය නගරාධිපතිනිය වූවාය. ඇය නියෝජනය කළේ බටහිර කොළඹය.

    රොසි සේනානායක මහත්මිය නගරාධිපති ලෙස තේරීපත්වන 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු කොළඹ මහ නගර සභාව වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වෙන්නේ මෙවරය. එම මැතිවරණයෙන් පසු කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරීපත්වීමත් සමඟ එක දිගට කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය දරන්නේ කාන්තාවන් වීමද විශේෂත්වයකි.

    ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන්නේ තිඹිරිගස්යාය කොට්ඨාශයෙනි. ඉහළ මනාප ප්‍රතිශතයක් ලබාගෙන ඇය කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් ලෙස තේරීපත්වන්නේ ජාතික ජන බලවේගයෙනි. කොළඹ මහා නගර සභා ඉතිහාසය අලුත් කරමින් ඇය නගරාධිපතිනිය ලෙස තේරීපත්වන්නේ ද පක්ෂ විපක්ෂ බහුතරයක් වූ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් වීමද විශේෂිතය.

    උනම්බුව STF කඳවුරේ දෙවැනියා සේප්පුවේ සල්ලි අරන් පැනලා!

    0

    පොලිස් විශේෂ කාර්ය බලකායේ උනම්බුව කඳවුරෙහි දෙවැනි අණදෙන නිලධාරියා කඳවුරේ ඇති සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් සොරාගෙන පළාගොස් ඇත.

    ඒ සම්බන්ධයෙන් වූ පැමිණීල්ලක් කඳවුරේ අණදෙන නිලධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ගම්පොල පොලිසියට කර තිබේ. අතුරුදන්ව ඇති නිලධාරියා පොලිස් පරීක්ෂකවරයෙකි.

    එම නිලධාරියා වීඩියෝ ක්‍රීඩාවට තදින්ම ඇබ්බැහි වී සිටින බවත් මුදල් ගෙවා ඔහු වීඩියෝ ක්‍රීඩාව සිදු කිරීම හේතුවෙන් ණය වී සිටින බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    සමුපකාර සාමාන්‍යාධිකාරීවරිය ට තර්ජනය කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    පැමිණිල්ලක් ඉල්ලා අස්කරගන්නා ලෙස කල්පිටිය විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී වරියට පවසා දුරකථනයෙන් තර්ජනය කළ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.

    කල්පිටිය විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී වරියට සාපරාධි බලහත්කාරකම් පෑම සම්බන්ධයෙන් කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකකරුවෙකු එම නඩුවෙන් මුදා හැරීම සඳහා පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස එම තර්ජනය ඔහු විසින් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

    කොළඹ පුරපතිධූරය ව්‍රායි කැලී බල්තසාර් ට

    0

    කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් තේරීපත්විය.

    එම පක්ෂයේ හේමන්ත කුමාර මහතා උප නගරාධිපති ලෙස තේරී පත්විය.

    පසුගිය හයවෙනි දා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ සභිකයන් එකසිය දාහක් දෙනාගේ මංගල හමුව අද(16) කොළඹ පහ නගර සභා රැස්වීම්
    ශාලාවේදී පැවැත්විණි.

    බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම හමුවේ මූලිකම කරුණ වූයේ නගරාධිපති ධුරයට සභිකයකු තෝරාගැනීමයි.

    ඒ අනුව පැවති රහස් ඡන්දයේදී ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ඡන්ද හැට එකක්ද ජාතික සමඟි බලවේගයේ නගරාධි අපේක්ෂකයා වූ රිසා සාරුක් මහතා ඡන්ද පනස් හතරක් ද ලබා ගත්හ.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී තිබිණි.

    ඊට හේතු වූයේ රටේ ආණ්ඩු පක්ෂයට කොළඹ මහ නගර සභාවේ බහුතරය දිනා ගැනීමට නොහැකිව මන්ත්‍රී අසුන් 48ක් පමණක් වෙන්ව තිබීමයි.

    ඡන්ද විමසීමේදී ඡන්ද දෙකක් පමණක් ප්‍රතික්ෂේප වී තිබූ අතර විපක්ෂයේ ඡන්ද 13ක් මාලිමාවට ලැබී තිබීම විශේෂත්වයකි.

    කෙසේවෙතත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න විමසීමත් සමග ඇති වූ මහභේදාත්මක තත්ත්වය තුළ සභාවෙහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

    එහිදී නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ලෙස හෝ විවෘත ඡන්දයක් ලෙස පවත්වනවා ද යන්න නාගරික කොමසාරිස්වරිය විමසීමක් කළ අතර එයටද ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කරනු ලැබීය.

    පසුව නගරාධිපතිවරයා රහස්‍ය ඡන්දයක් මඟින් තෝරා ගැනීමට විපක්ෂය යෝජනා කරනු ලැබීය.

    ඒ අනුව නගරාධිපති තෝරාපත්කර ගැනීම රහස් ඡන්දයට සියලු දෙනා සහය දැක්වූහ.

    නගරාධිපති තෝරන ඡන්දය රහස් ඡන්දයක් ලෙස – කාල ගෝට්ටි මැද අවසන් වෙයි

    0

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත්කර ගැනීම සඳහා පැවැත්වෙන ඡන්දය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්ත්වයක් ඇති විය.

    ඡන්දය පැවැත්වෙන්නේ රහස් ඡන්දයක් ලෙසද විවෘත ඡන්දයක් ලෙසද යන්න පිළිබදව ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන්ද ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අතර මතබේදයක් ඇතිවිය.

    අවසානයේදී මන්ත්‍රිවරු ඒකමතිකව තීරණය කරනු ලබන්නේ රහස් ඡන්දයක් පැවැත්වීමටය. ඒ අනුව මේ වන විට රහස් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් ඇත.

    මෙසේ ඡන්දයක් පැවැත්වීමට සිදුවන්නේ ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජනබලවේගය විසින් නගරාධිපතිධූරයට එක් යෝජනාවක්ද, විපක්ෂය විසින් තවත් යෝජනාවක්ද ඉදිරිපත් කිරීම හේතුවෙනි.

    බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඡන්දය පැවැත්වේ.

    අත්බෝම්බ 02ක් රුපියල් 60,000ට විකුණූ සෙබලු 02ක් හමුදා පොලිසිය අල්ලයි

    0

    අත්බෝම්බ දෙකක් රුපියල් 60,000කට අලෙවි කළ බව කියන යුද හමුදා සෙබලු දෙදෙනෙක් අත්අඩංගුවටගත් යුද හමුදා පොලිසිය ඔවුන් දෙදෙනා ගල්ගමුව පොලිසියට භාරදී තිබේ.

    මෙම සෙබලු දෙදෙනා මහනුවර රජවීදිය ගජබා රෙජිමේන්තු බලඇණියේ සේවයේ නිරතව සිටින අය බවත් ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී හෙළිවූ තොරතුරු මත බෝම්බ දෙක මිලදී ගත් පුද්ගලයා ගල්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් පසුගිය 13 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

    රුපියල් 60,000කට මෙම සෙබලු දෙදෙනා විසින් අත්බෝම්බ දෙකක් අලෙවිකර ඇති බවට යුධ හමුදාවට ලද තොරතුරකට අනුව යුධ හමුදා පොලිසිය විසින් විමර්ශන පවත්වා සැකකාර සෙබලු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

    එක් සෙබලෙක් අම්පාර වීරගොඩ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර දෙවැන්නා කඩුවෙල කොරතොට පදිංචි 39 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    මෙම සෙබලු දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවටගත් බෝම්බ දෙක මිලදීගත් තැනැත්තා ගල්ගමුව පොලිසිය පිටුපස ඉසුරුපුර පදිංචිකරුවෙකි. වයස අවුරුදු 37ක් වන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත මිලදීගත් අත්බෝම්බ දෙක ඔහු පදිංචිව සිටින ගෙවත්තේ වලදමා තිබියදී ගල්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    කුලියට ගන්නා වාහන හොර ලේඛන වලින් විකුණූ කුඩ්ඩෝ 02ක් මාට්ටු

    0

    වාහන කුලියට ලබාගන්නා ස්ථානවලින් ව්‍යාජ තොරතුරු ලබාදී වාහන කුලියට ලබාගෙන එම වාහනවලට ව්‍යාජ ලේඛන සකස්කර අලෙවිකිරීමේ ජාවාරමක් ගැන තොරතුරු හෙළිකරගත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එම ජාවාම මෙහෙයවන ලද සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 30 සහ 36 වයස්වල පසුවන මාලිගාවත්ත සහ හොරණ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 650ක් සමග බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    අනුරාධපුරයෙන් වෑන් රථයක් කුලියට ගෙන රුපියල් ලක්ෂ 104කට අලෙවි කිරීමක්, බොරැල්ලේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් ලබාගත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 90කට විකිණිමක්, පානදුරේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් ලබාගත් වාහනයක එන්ජික් අංක සහ චැසි අංක වෙනස්කර රුපියල් ලක්ෂ 58කට විකිණිමක්, මොරගහහේනේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබාගෙන එය රුපියල් ලක්ෂ 50කට විකිණිමක් සහ වැල්ලම්පිටියෙන් කුලියටගත් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 42කට විකිණිමක් ගැන තොරතුරු සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

    මෙම සැකකරුවන් දෙදෙනා ඉලක්කරනු ලබන්නේ කුලී පදනම මත වාහන ලබාදෙන බවට දැන්වීම් පලකර ඇති ස්ථාන බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. එම දැන්වීම්වල සඳහන් දුරකථන අංකවලට ඇමතුම් ලබාදී මසකට හෝ සතියකට එකවර අත්කිකාරම් ලබාදෙමින් වාහන කුලියට ලබාගන්නා බව පොලිසිය සඳහන් කළේය. එසේ ලබාගන්නා වාහන වලට ලියාපදිංචි පොත් ඇතුළු ලේඛන ව්‍යාජ ලෙස සකස්කර අලෙවිකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුට හොරණ මහේස්ත්‍රාත්අධිකරණයෙන් වරෙන්තුවක්ද නිකුත්කර තිබී ඇත.

    අත්අඩංගුවට ගන්නා විට සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍රයක්, ජාතික හැදුණුම්පතක් , ආදායම් බලපත්‍රයක් සහ මෑතකදී ලියාපදිංචි කළ වාහන අංක තහඩු දෙකක් ද සොයාගෙන තිබේ. වාහන කුලියට ලබාදෙන ආයතන වෙත මොවුන් ඇමතුම් ගැනීමට යොදාගත් දුරකථන 05ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

    ජනපති පොදු සමාවට මුවාවෙලා සිරකරුවෝ 200කට වැඩි පිරිසක් නිදහස් කරල!

    0

    ජනපති පොදු සමාව අවභාවිතා කර පසුගිය කාලයේ සිරකරුවන් 200කට වැඩි පිරිසක් අනීතික ලෙස නිදහස් කිරීමට බන්ධනාගාර ප්‍රධානීන් කටයුතු කර ඇතැයි හෙළිවී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයේදී මෙම කරුණු හෙළිවී ඇත.

    ජනාධිපතිවරයාගේ අත්සනින් පොදු සමාව යටතේ නිදහස් කිරීමට නම් කරන ලේඛනයේ ඇති සිරකරුවන්ට අමතරව කාලයක් තිස්සේ බන්ධනාගාර ප්‍රධානීන් සිරකරුවන් නිදහස්කර ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    එයාර් ඉන්දියා යානය කඩා වැටී මියගිය ගණන 290ක්

    0

     

    අහමදාබාද් සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීම අරඹා ඉතා සුළු වේලාවක් තුළ කඩා වැටුණු එයාර් ඉන්දියා බොයිං 787-8 මගී ගුවන් යානා අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    අනතුරට ලක්වනවිට ගුවන් යානයේ 242 දෙදෙනෙක් සිට ඇති අතර එය කඩා වැටුණු වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිටි සිසුන් ද මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ගුවන් යානයේ සිටි එක් මගියෙක් පමණක් මෙම අනතුරෙන් දිවි ගලවාගෙන ඇති අතර ඔහු 11ඒ හදිසි පිටවීමේ දොරටුවට යාබද අසුනක ගමන් කරමින් සිට ඇත. රමේෂ් විශ්වාස්කුමාර් නැමැති ඔහු තමන්ට සිදුවුයේ කුමක්දැයි සිතාගත නොහැකි බවත් විශාල ශබ්දයෙන් පසුව තමන් අවට මළ සිරුරු රැසක්  දුටු බවත් පවසා තිබේ.මියගිය අය අතර ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රුපානි මහතා ද වෙයි.                                                                                                                                          

    පරීක්ෂක ශ්‍රේණියේ 34කට ස්ථාන මාරු – OIC 11ක් විසිවෙති

    0

    ස්ථානාධිපතිවරු ඇතුළු පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිට ස්ථාන මාරුවීම් නියෝගයක් අද(12) නිකුත් කරනු ලැබීය.

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 27 දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරු 07 මෙසේ ස්ථාන මාරුකර ඇත.

    මෙහිදී විවිධ පොලිස් කොට්ඨාශවල සාමාන්‍ය රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 17 දෙනෙකුට ස්ථානාධිපතිධූර හිමිව තිබේ. නිලධාරීන් 11 දෙනෙක්ට ස්ථානාධිපතිධූර අහිමිව ඇත. මෙම ස්ථාන මාරු නියෝගයෙන් ස්ථානාධිපතිධූර රැක ගැනීමට සමත්ව ඇත්තේ නිලධාරීන් 06 දෙනෙක් පමණි.

    කොළඹ ජාතික රෝහලේ 08 වෙනි මහලෙන් පැන රෝගියෙක් සියදිවි හානිකර ගනී

    0

    කොළඹ ජාතික රෝහලේ නේවිසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් එහි තට්ටු ගොඩනැගිල්ලක 08 වෙනි මහලින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇතැයි මරදාන පොලිසිය සඳහන් කරයි.

    මාලබේ තලාහේනේ පදිංචි 75 හැවිරිදි වියේ පසුවන රෝගියෙක් මෙසේ ඊයේ සවස මියගොස් ඇතැයි මරදාන පොලිසිය සඳහන් කළේය.

    මෙම රෝගියා 42වන වාට්ටුවට ඇතුලත්ව අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

    ගුවන් යානයක් පැහැරගන්නා බවට ගුවන්තොටුපොළට ඇමතුම දුන් සැකකරු වැල්ලවත්තෙන් අල්ලයි

    0

    ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැරගන්නා බව සඳහන් කරමින් ගුවන්තොටුපොල පොලිස් ස්ථානයට ඊයේ (11) තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    කොළඹ 15 ,මෝදර වීදියේ පදිංචිකරුවෙක් වන සැකකරු වයස අවුරුදු 42ක් වන තැනැත්තෙක් බව පොලිසිය සඳහන් කරයි. ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතකි මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් වන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඇමතුමෙන් පසු වැල්ලවත්තේ පිහිටි හෝටලයක කාමරයක් ගෙන රැදී සිටියදීය.

    විදේශගතව සිටින ඔහුගේ පෙම්වතිය විසින් වියදමට මුදල් එවන බවත් ඔහු එම මුදල් වැයකරමින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටින බවත් අනාවරණය වී තිබේ.

    සුරාබදු නිලධාරීන් හෙට්ටිවීදියේ රන් අලෙවිසැල් දෙකකින් කෝටි 10ක් රැගෙන යයි!

    0

    කොළඹ හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකට සුරාබදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි 10කට අධික මුදලක් රැගෙන ගියේ යැයි කියනු ලබන පිරිසක් සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ.

    මේ සම්බන්ධයෙන් රන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවෙක් විසින් පෙරේදා (10) පැමිණිල්ලක් කළ බව පිටකොටුව පොලිසිය සඳහන් කරයි.

    එම පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ පසුගිය 05 වෙනිදා සවස 5.00 ට පමණ සිය රන් භාණ්ඩ අලෙවිසැලට සුරාබදු නිලධාරීන් යැයි පවසා පිරිසක් පැමිණ ඇති බවය. එම පිරිස සිය ආයතනයේ සේවකයින් තිදෙනෙකුද, යාබදව පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලේ සේවකයින් දෙදෙනෙක්ද තවත් පුද්ගලයෙක්ද සමඟ රුපියල් 102,000,000 මුදලක් රැගෙන ගොස් ඇති බවද ඔහු පොලිසියට පවසා තිබේ. එම පිරිස රන් භාණ්ඩ අලෙවි සැලේ තිබුණු ආරක්ෂක කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. යන්ත්‍රයද රැගෙන ගිය බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.

    මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී රාජගිරියේ පිහිටි සුරාබදු කාර්යාලය වෙත සිය සේවකයින් රැගෙන ගොස් ඇතැයි සිය මිතුරෙක් මාර්ගයෙන් දැන ගන්නට ලැබුණු බවද ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ.

    එම මිතුරා සුරාබදු කාර්යාලයට ගොස් එහි සිටි ස්ථානාධිපති ලෙස හඳුන්වනු ලැබූ අයෙකු සමඟ කථාකර දුරකථනයෙන් තමා හා කථා කිරීමටද අවස්ථාවක් ලබාදුන් බව ඔහු පොලිසිය හමුවේ සඳහන් කර ඇත. සේවකයන් මුදා හැරීමට නම් රැගෙන ආ මුදලින් භාගයක් ලබාදිය යුතු බව දුරකථනයෙන් කථා කල පුද්ගලයා පැවසූ බවත් මුදල් නොදෙන්නේ නම් රැගෙන ආ පුද්ගලයින් ට මත්ද්‍රව්‍ය නඩුවක් පවරා එම මුදල් නඩුවලට ඇතුලත්කරන බව පැවසූ බවද එම පුද්ගලයා පොලිසිය හමුවේ පවසා තිබේ.

    ඊට තමා එකඟ නොවූ බව ඔහු පොලිසිය හමුවේ පවසා ඇත. පසුව සුරාබදු නිලධාරීන් ලෙස පෙනී සිට රැගෙන ගිය රන් භාණ්ඩ අලෙවිසැල් සේවකයින්ගෙන් දෙදෙනෙක් මුදා හැර සිව් දෙනෙක් නීති විරෝධි දුම්වැටි ලඟ තබා ගැනීමේ වරදට මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා ඇති බව අනාවරණය වූ බවද ඔහු පොලිසිය හමුවේ පැමිණිලි කරමින් සඳහන් කර ඇත.

    පසුව සුරාබදු නිලධාරීන් යැයි පැවසූ අය විසින් යාබද රන් භාණ්ඩ අලෙවිසැලේ හිමිකරුගෙන් රැගෙන ගිය මුදලින් රුපියල් කෝටි 5ක මුදලක් ලබාදී ඇති බව ඔහු සිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබේ.

    තමාට හිමිවිය යුතු රුපියල් 49,425,000ක මුදලක් සුරාබදු නිලධාරීන් විසින් බලහත්නාරයෙන් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් ඔහු සිය පැමිණිල්ල ඔස්සේ පිටකොටුව පොලිසියෙන් ඉල්ලා ඇත.

    උපුල්දෙණිය අත්අඩංගුවට

    0

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී

    වෙසක් දින ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අනුමැතිය හිමි නොවූ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාලව මෙම අත්‍අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

    0

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට රජය තීරණයකර ඇත.

    වෙසක් දින ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අනුමැතිය හිමි නොවූ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාලව මෙම තීරණය ගෙන තිබේ.

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    0

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය.

    ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන, සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

    උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම, රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරින් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂඥ දැනුම සහිත නිලධාරින් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළේය. ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

    චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්, ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක් බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම, 2027 වසරේ GSP+ සහන වැඩසටහන පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අවධානය යොමු කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    0

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින් තුවාල ලබා රෝහල්ගතව සිටියදී දින 13කට පසු මියගොස් ඇත.

    මෙම තරුණ වතු අධිකාරීවරයා ගිනි තබාගෙන ඇත්තේ පසුගිය මැයි 20 වෙනිදා රාත්‍රී කාලයේදී බවත් ඔහු මියගොස් ඇත්තේ පෙරේදා 02 බවත් පූඩළුඔය පොලිසිය සඳහන් කළේය.

    මෙම තරුණයාගේ පියා මධ්‍යම පළාතේ සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරීවරයෙකි.

    ගම්පොල පදිංචිව සිටි මෙම තරුණයා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය සඳහන් කළේය.

    තරුණයා මිය යාමට පෙර සිය මවට ඒ සම්බන්ධයෙන් සදහන්කර ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩ පවා යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක්

    0

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි.

    නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ සම්බන්ධයෙන් අදාල කාර්ය සාදක බලකාය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක්ද ගොඩ නගන බව ඇය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

    මේ සම්බන්ධයෙන් වූ යෝජනා චක්‍රලේඛයක් සකස් වෙමින් ඇතැයිද ඇය සඳහන් කළාය.

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    0

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද නියම කළාය.

    මෙහි ජල බෝකල් පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීය.