තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් අර්බුදය: කමිටුවක් වාර්තාවක් දෙද්දී තවත් කමිටුවක් පත්කරයි

    ක්‍රිකට් අර්බුදය: කමිටුවක් වාර්තාවක් දෙද්දී තවත් කමිටුවක් පත්කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් පත්කළ කමිටුවේ වාර්තාව, ක්‍රිකට් ගැටළු විසඳීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත භාරදී තිබේ.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව අදාළ වාර්තාව සකසන ලද්දේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ය.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාළ වාර්තාව අද (08) දින බාරදී ඇත.

    මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා පත්කළ අතුරු කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි.ඉමාම් සහ රෝහිණි මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා එම සාමාජිකයන් තිදෙනා ය.

    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම ස්වාධීන කමිටුවට බලය ලබා දී තිබේ.

    විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම, එම විගණකාධිපති වාර්තාවේ සඳහන් දුෂණ, වංචා, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා උපායමාර්ගික ක්‍රමවේද සැකසීම ආදිය එම නිර්දේශ අතර වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img