තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපානයේ සමුදුරු විනාශකයා ත්‍රි'මලේට ඇවිත්

    ජපානයේ සමුදුරු විනාශකයා ත්‍රි’මලේට ඇවිත්

    ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ දින (28) උදෑසන ත්‍රිකුණාමල වරායට සේන්දු වී තිබේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    මෙලෙස ත්‍රිකුණාමල වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව, දිගින් මීටර් 150.5 ක් සහ නැව් මුළුව 172 ක ගෙන් සමත්විත වේ.

    නෞකාවේ අණදෙන නිලධාරී, කොමාන්ඩර් හිසාටෝ සොටොකාවා සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු විය.

    ‘AKEBONO’ (DD 108) නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PHOTOEX) නිරත වීමටද නියමිතව ඇත.

    තවද, ‘AKEBONO’ (DD 108) නෞකාව 2023 ඔක්තෝබර් මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img