fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බීමතින් වාහන දෙකක් හැප්පූ CIDයේ හිටපු ලොක්කා රිමාන්ඩ්

    බීමතින් වාහන දෙකක් හැප්පූ CIDයේ හිටපු ලොක්කා රිමාන්ඩ්

    බීමතින් රිය පදවා අනතුරක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ලබන 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගකර ඇත.

    මෙම නිලධාරියාව අද අලුයම් කාලයේදී වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

    මෙරට ප්‍රධාන මූල්‍ය ආයතනයක ආරක්ෂක උපදේශකයෙක් ලෙස මේ වන විට රවී සෙනෙවිරත්න මහතා කටයුතු කරමින් සිටී.

    මෙම නිලධාරියා මුහුදු මාර්ගය ඔස්සේ බම්බලපිටිය දෙසට ගමන්කරමින් සිටියදී ඔහු පදවාගෙන යමින් සිටි ජිප් රථය වැල්ලවත්තේදී මාර්ගයේ නවතා තිබුණු වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක පිටුපසින් ගැටී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම අනතුරින් පසු වැගන් ආර් රථය ඉදිරියට ඇදී ගොස් බස් රථයක ගැටී ඇති බව පොලීසිය කියයි.

    මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විසින් මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගෙන බීමත්කම සම්බන්ධයෙන් කළ පරීක්ෂායේදී ඔහු මත්පැන් පානයකර සිටින බව තහවුරුවී තිබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න