තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ලංකාවේ ඔන්ලයින් නීති සහ ත්‍රස්ත විරෝධී පනත් ජගත් මානව හිමිකම්වලට අනුකූල නෑ"

    “ලංකාවේ ඔන්ලයින් නීති සහ ත්‍රස්ත විරෝධී පනත් ජගත් මානව හිමිකම්වලට අනුකූල නෑ”

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ වනවිට සලකා බලමින් පවතින පනත් කෙටුම්පත් දෙකක් මගින් මෙරට බලධාරීන්ට පුළුල් බලතල රාශියක් ලබාදෙන නමුත්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    එහි ප්‍රකාශිකා රවීනා ෂම්දාසනි පවසන්නේ මෙම පනත් කෙටුම්පත් දෙක මගින් මෙරට ජනතාවගේ මානව හිමිකම්වලට සීමා පැනවිය හැකි බවය.

    සංශෝධිත ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත සහ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත යන අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් තම සංවිධානයට බරපතල කනස්සල්ලක් ඇති බව එම කාර්යාලය පෙන්වා ‍දී තිබේ.

    සංශෝධිත ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය විසින් දිගු කලක් තිස්සේ සැලකිල්ලක් දක්වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනඑන්නකි. නව කෙටුම්පත මගින්, ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි දඬුවමක් ලෙස මරණීය දණ්ඩනය ඉවත් කිරීම ඇතුළු ධනාත්මක සංශෝධන කිහිපයක් සිදු කර ඇති බව එම ප්‍රකාශකවරිය කියාසිටී. නමුත් නව සංශෝධිත කෙටුම්පතේ බොහෝ විධිවිධානවල තවමත් ප්‍රධාන ගැටලු කිහිපයක් පවතින බව ද රවීනා ෂම්දාසනි කීය.

    එමෙන්ම ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත, අන්තර්ජාල සන්නිවේදනය දැඩි ලෙස නියාමනය කර සීමා කරනු ඇතැයි ජගත් සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ අදහසයි. සාමාන්‍ය ජනතාව ‍මෙන්ම ඔවුන් එකඟ නොවන ප්‍රකාශයන් “බොරු ප්‍රකාශ” ලෙස ලේබල් කිරීමට සහ සීමා කිරීමට බලධාරීන්ට අසීමිත අභිමතය මෙමගින් ලබා දෙනු ඇති බව ද මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප්‍රකාශිකාව පැවසීය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටින්නේ සිවිල් සමාජය සහ එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයින් සමඟ තවදුරටත් මේ පිළිබඳ අර්ථවත් උපදේශන ලබාගන්නා ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳුම්වලට පූර්ණ අනුකූලතාවක් ගෙන ඒම සඳහා කෙටුම්පත් නීතිවලට සැලකිය යුතු සංශෝධන සිදු කරන ලෙසත් එම කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img