තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයිස් අල්ලන්න ගිය පොලීසියට ජවාරම්කරු කඩුවකින් කොටලා

    අයිස් අල්ලන්න ගිය පොලීසියට ජවාරම්කරු කඩුවකින් කොටලා

    ‍ෙඅයිස් මත්ද්‍රව්‍ය පැකට්කරමින් සිටින ස්ථානයක් ගැන ලද තොරතුරකට අනුව කන්දෙවත්තේ පාරේ වැටලීමකට ගිය කිරුලපන පොලීසියේ නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ඊයේ කඩුවකින් කළ පහරදීමකින් නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    පොලිස් කොස්තාපල් අධිකාරී (97292) නිලධාරියා මෙසේ තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට කෙළඹ ජාතික රෝහලට ප්‍රතාකාර සඳහා ඇතුලත්කර සිටියි. ඔහුගේ වම් අත කැපීමට ලක්ව ඇති බව පොලීසිය කියයි.

    එම ප්‍රහාරයෙන් පසු දැඩි පරීශ්‍රමයකින් අනතුරුව පොලිස් කණ්ඩායම විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5270ක්ද සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුලපන පූර්වාරාම පාරේ පදිංචිකරුවෙක් වන සමීර සුරංජන නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img