තවත්
    මුල් පිටුවspecialසොලමොන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පන 2ක් - සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

    සොලමොන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පන 2ක් – සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

    සොලමන් දුපත් සමුහය අසල අද ප්‍රබල දෙවන භුකම්පනය ද සිදුව තිබේ.

    සොලමන් දූපත් බලධාරීන් පැවසුවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් වූ භූමිකම්පා දෙකකින් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකරන බවයි.

    අද සිදු වූ රික්ටර් පරිමාණයේ 7.0 ක ප්‍රථම භූමිකම්පාවෙන් පසු එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද නමුත් ඉක්මනින්ම මෙම අනතුරු ඇඟවීම ඉවත් කර ගන්නා ලදී.

    රික්ටර් පරිමාණයේ 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූමිකම්පාව විනාඩි 30 කට පසුව ඒ ආසන්නයේ ඇති විය.

    හොනියාරා අගනුවර ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුවී නොමැති බව සොලමන් දූපත් අගමැති කාර්යාලය වාර්තා කළ නමුත් නගරයේ සමහර ප්‍රදේශවල විදුලිය විසන්ධි විය.

    ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ හොනියාරා හි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ වහලය කඩා වැටී ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img