fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මූතූර් හා සාම්පූර් මුහුදේ හෙක්ටයාර් 150ක් නෝර්වේට

    මූතූර් හා සාම්පූර් මුහුදේ හෙක්ටයාර් 150ක් නෝර්වේට

    මූතූර් හා සාම්පූර් මුහුදු සීමාවේ හෙක්ටයාර් 150ක මුහුණු කලාපයක් නෝර්වේ රාජ්‍යයට අයත් “ග්ලෝබල් සිලෝන් සී ෆුඩ්“ නැමැති පුද්ගලික ආයතනයකට මත්ස්‍ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට සූදානම් වීමකට එරෙහිව මූතූර් හා සාම්පූර් හී ධිවරයින් මේ වන විට නොසන්සුන් වී තිබේ.

    “නවතනු නවතනු අපේ සාගර සම්පත පුද්ගලීකරණය වහා නවතනු“ යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඊට එරෙහිව ඊයේ ධිවර පවුල්වල විරෝධතාවක්ද පවත්වා ඇත.

    මූතර් හා සාම්පූර් ධිවර සංගමයේ සභාපති එම්.එම්.අස්මින් මහතාගේ සංවිධානත්වයෙන් මූතූර් තත්වා නගර් හී මෙම විරෝධාව පවත්වා තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.