තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්වවිද්‍යාල ප්‍රවේශයට සැරසෙන සිසුන්ට පණිවිඩයක්

    විශ්වවිද්‍යාල ප්‍රවේශයට සැරසෙන සිසුන්ට පණිවිඩයක්

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් නිකුත් කිරීමේ දී විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන විභාග සහතිකයක් අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා කීය.

    විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සඳහා අයැදුම්පත් යොමු කිරීමේදී පාසල් විදුහල්පතිවරයා නිකුත් කරන උසස් පෙළ ප්‍රතිඵල සහතිකය පමණක් ප්‍රමාණවත් බව ද විභාග කොමසාරිස්වරයා කීය.

    එසේ නොමැතිනම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි ප්‍රතිඵල තහවුරු කරගැනීම යටතේ මුදල් ගෙවා ලබාගන්නා සහතිකය ඉදිරිපත් කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

    උසස් පෙල බාහිර අයදුම්කරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී විභාග දෙපාර්තමේන්තුවේ එම නිල වෙබ් අඩවියෙන් ලබා ගන්නා ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද ධර්මසේන මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img