fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති පට්ටම් ගත් පිරිසකගේ අතේ පට්ටම් ගැලවෙයි

    ඇමති පට්ටම් ගත් පිරිසකගේ අතේ පට්ටම් ගැලවෙයි

    පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් පක්‍ෂය තුල දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි  එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ ආණ්ඩුවේ තනතුරු ලබාගත් හය දෙනෙකු පක්‍ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරන බව ඔවුන් වෙත ලිපි මගින් දැනුම්දීමට පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බවයි.

    ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යධූර ලබාගත්, පක්‍ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උප ලේකම්වරුන් වන රංජිත් සියඹලාපිටිය සහ චාමර සම්පත් දසනායක, උප ලේකම්වරයකු වන ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරු සියලු තනතුරු අහෝසි වන බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ඔවුන්ට එරෙහිව ගත් පළමු තීන්දුව ලෙස මෙම පියවර ගත් බවත්, ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

    ආණ්ඩුවේ තනතුරු ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මහත්වරුන් ද පක්‍ෂයේ දැරූ තනතුරුවලින් මීට පෙර ඉවත් කෙරුණු බව මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.