fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයඋසස් පෙළ-ශිෂ්‍යත්ව විභාග කල්දමන්නැයි විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි

    උසස් පෙළ-ශිෂ්‍යත්ව විභාග කල්දමන්නැයි විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි

    මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

    5 වසර ශිෂ්‍යත්ව විභාගයට ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත ය.

    විභාග දෙකම පැවැත්වෙන්නේ මෙම දරුවන් බරපතළ මානසික පීඩාවන් රැසකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළදී බව විපක්ෂ නායකවරයා නිවේදනයෙන් නිකුත් කරමින් පෙන්වා දෙයි.

    විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ එම විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.