තවත්
    මුල් පිටුවCOVIDහානිකර වයිරස හොයන පර්යේෂණ යළි ඇරඹේ

    හානිකර වයිරස හොයන පර්යේෂණ යළි ඇරඹේ

    වඩාත් හානිකර කොරෝනා වයිරස සෙවීමේ පරීක්ෂණ අද (12) යළි ආරම්භ කර තිබේ.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහඹු ලෙස ලබාගත් කොරෝනා රෝගීන්ගේ ජෛව පටල සාම්පල 96ක් පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය වෙත ලබාදී ඇත.

    මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල තව සතියකින් පමණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදීමට බලාපොරොත්තු වන එහි ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

    ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 20 කට වැඩි සංඛ්‍යාවක් මේවනවිට හමුවී ඇත.

    ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ අයයි. එයින් දබහුතරයක් මේ වනවිට සුවය ලබා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img