fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් ආරම්භ කිරීම අගෝස්තුවේ !

    පාසල් ආරම්භ කිරීම අගෝස්තුවේ !

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

    පියවරෙන් පියවර හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

    ‘සියලුම පාසල් ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන’ අද (12) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ගුරුවරයා සමඟ පන්තිකාමරයේ දී ලබන අධ්‍යාපනයට සතුටුදායක විකල්පයක් ලෙස දුරස්ථ/මාර්ගගත අධ්‍යාපනය කිසිසේත් සැලකිය නොහැකි අතර එහි යම් යම් දෝෂ පවතී. එබැවින් ගුරුවරුන් සඳහා අද ආරම්භ කෙරෙන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ හැකි ඉක්මනින් පාසල් පද්ධතිය විවෘත කිරීම යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

    අද දින කොළඹ කලාපයේ ගුරුවරුන්ගෙන් අරඹන මෙම වැඩසටහන හෙට දිනය වනවිට සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා එන්නත්කරණය අවසන් කරන්නට හැකිවනු ඇතැයි අපේක්ෂිතය.

    රටේ සමස්ත ගුරුවරු ප්‍රමාණය 242,000ක් පමණ වන අතර අන්‍යධයන කාර්ය මණ්ඩල ඇතුළත්ව එම පිරිස දෙලක්ෂ හැත්තෑනව දහසකි.

    මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෘජු ව උනන්දු වූ ගරු ජනාධිපතිතුමාටත්, සෞඛ්‍ය අංශ සහ යුධ හමුදාපතිතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාවටත් ස්තූතිවන්ත වන බව අමාත්‍යවරයා පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.