fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාබනික පොහොර විෂයත් ඇමති ධුරයකට

    කාබනික පොහොර විෂයත් ඇමති ධුරයකට

    කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා කාබනික පොහොර ඇතුළු නව විෂයයන් කිහිපයක් ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ත‍ිබේ.

    ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම්‌ නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්‌, එළෑණු හා අර්තාපල්‌ වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස්‌ තාක්ෂණය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ලෙස එය නම් කර ඇත.

    එහි කාර්යයන්‌ හා කර්තව්‍යයන්‌ වන්නේ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස්‌ හා මගපෙන්වීම මත “ප්‍රමිතියෙන්‌ යුතු පරිසර හිතකාමී කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා සහ උසස්‌ තාක්ෂණික කෘෂිකර්මාන්තයක්‌” ඇතිකිරීම සඳහා අදාළ නීති සහ අණපනත්වලට අනුකූලව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම්‌ නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්‌, එළෑණු හා අර්තාපල්‌ වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස්‌ තාක්ෂණ කෘෂිකර්ම විෂයපථයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්‌ හා කාර්යයන්‌ හා ඊට අදාළ වැඩසටහන්‌ සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පසු විපරම්‌ කිරීම හා ඇගයීම ය.

    එහි සුවිශේෂී ප්‍රමුඛතා‍ ලෙස දක්වා ඇත්තේ වී හා ධාන්‍ය වර්ග ගම්මිරිස්‌, කරබු නැටි, කොකෝවා ඇතුළු ප්‍රධාන භෝග මෙන්ම එළවළු, පළතුරු හා ගෙවතු වගා සඳහා තාක්ෂණික චගා ක්‍රමයන්‌, උසස්‌ බීජ හා පැළෑටි මෙන්ම නියමිත ප්‍රමිතියෙන්‌ යුත්‌ පරිසර හිතකාමී කාබනික පොහොර නිසි කලට බෙදා හැරීම සඳහා ක්‍රමවේද සැකසීම දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන්‌ අන්තර්ජාතික ප්‍රමිතියට අනුගතව පරිසර හිතකාමී කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සහ උසස්‌ මට්ටමේ පොහොර වර්ග ද රට තුළම නිෂ්පාදනය කිරීම දිරි ගැන්වීමය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.