තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබෙ මන්ත්‍රීලා උපාධිධාරීන් කරන්න පක්ෂෙන් තල්ලුවක්

    සජබෙ මන්ත්‍රීලා උපාධිධාරීන් කරන්න පක්ෂෙන් තල්ලුවක්

    විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජනබලවේගය සිය මන්ත්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපනය නැංවීම උදෙසා ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් යටතේ උපාධි පාඨමාලා හැදෑරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ඊට අවශ්‍ය ප්‍රතිපාදන පක්ෂය විසින් දරනු ලබන බව ද සමගි ජනබලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මේ අතර ඉදිරි දෙසතිය තුල පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාමයෝජනා කැදවීමට අදාළ කටයුතු කිරීමට සමගි ජනබලවේගය අද(05) තීන්දු කර තිබේ.

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

    එහිදී විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේ ඉදිරි දෙසතිය තුළදීම මෙහි කටයුතු ආරම්භ කරන ලෙසයි.

    මේ පිළිබඳ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආ අතර ඊට මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය ලැබුණි.

    මේ අතර සමගි ජනබලවේගයට සහයෝගය ලබාදුන් බවට චෝදනා කරමින් පළාත් පාලන මන්ත්‍රීවරුන් 70ගේ ධූර අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ අතර එම කැපකිරීම් කළ සියලු දෙනාට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීන්දු කර ඇත.

    සමගි ජනබලවේගයට සහයෝගය ලබා දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉලක්ක කොටගෙන ඔවුන්ට එරෙහිව ගෙන එනු ලබන තර්ජන සහ බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගෙන ඇත.

    මේ සියලු අභියෝග මැද නොසැලී සමගි ජනබලවේගය සමග කටයුතු කළ පළාත් පාලන නියෝජිතයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පක්ෂය ක්‍රියාමාර්ග රැසක්ම ගැනීමට නියමිත බව එම පක්ෂය කියයි.

    ඒ අනුව සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ,ආසන සංවිධායකයින් නීතිඥ කණ්ඩායම් එක්ව අදාල පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img