fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොළඹ නගර සීමාවේ එන්නත නොගත් අය වහාම ගන්නැයි දැනුම්දීමක්

    කොළඹ නගර සීමාවේ එන්නත නොගත් අය වහාම ගන්නැයි දැනුම්දීමක්

    මෙතෙක් එන්නත් ලබානොගත් කොළඹ නගරසභා සීමාවේ පදිංචිකරුවන් තම ප්‍රදේශයේ අදාළ රෝහල වෙත ගොස් එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

    එහි ආපදා සහ හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ඒකකයේ අංශ ප්‍රධානී මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව කීය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (10) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් -19 ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මේ මොහොතේදී කොළඹ නගර සීමාව තුළ තෝරාගත් ප්‍රදේශ වෙනුවෙන් කොළඹ නගරයේ රෝහල් ගණනාවක ඒන්නත් කිරීමේ වැඩසටහන් අරඹා ඇත.

    තම තමන්ට වෙන් කර ඇති ඒක් ඒක් ප්‍රදේශයන්හි ඒක් ඒක් මාර්ග වල පදිංචිකරුවන් සදහා යා යුතු රෝහල් පිළිබදව දැනුම් දෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

    මේ සදහා කොළඹ මහරෝහල, බොරැල්ල ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල යන රෝහල් කොළඹ නගර සභාවේ අනෙකුත් එන්නත්කරණ මධ්‍යස්ථාන වලට අමතරව මේ වන විට සූදානම්කර ඇත.

    අදාල පුද්ගලයින්ට ඒම ස්ථාන වලින් ඒන්නත් ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    අද වන විට අනපේක්ෂිත රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත.

    අතපසුවුණු පී සී ආර් පරීක්ෂණ සියල්ල ඒකතුවීමත් මෙම අනපේක්ෂිත රෝගීන් ප්‍රමාණය වාර්තා වීමට ඒක් හේතුවක් වුවත්, රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවය සම්පූර්ණයෙන් අඩුවීමක් සිදුවූ බව කිව නොහැකි යැයිද බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

    සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ඒ් අයුරින් ගැනීමත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනදාටත් වඩා අවදානයෙන් පිළිපැදීමත් වැදගත් බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.