fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ජාතිය අමතද්දී විසඳුම් දෙන්න විපක්ෂ නායකගෙන් ප්‍රශ්න 6ක්

    ජනපති ජාතිය අමතද්දී විසඳුම් දෙන්න විපක්ෂ නායකගෙන් ප්‍රශ්න 6ක්

    අද රාත්‍රියේ ජාතිය ඇමතීමට සූදානම් වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතික ලෙස තීන්දු කළ පොහොර තහනම හකුලාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(25) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

    සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී එම ප්‍රකාශය කරමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දුවලට එරෙහිව ජනතාව සමග කරන අරගලය නොනවතින අරගලයක් බවයි.

    ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු 6කට විසඳුම් දෙන ලෙස තමන් බලකර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    මේ වනවිට ජනතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට ජනාධිපතිවරයා විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවද කී හෙතෙම සිය විශේෂ ප්‍රකාශයේදී පහත කරුණු ඉදිරිපත් කළේය.

    • පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.

    • පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතවසිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.

    • එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් විනාශ වී පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.

    • ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවන් ඉතා ඉක්මන් විසඳුම් ලබා දීම.

    • කොරෝනා වසංගත ව්‍යාප්තියට පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම)

    • කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම යන කරුණු පිළිබඳව සිය අවධානය යොමු කළේය.

    ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ දී මෙම ගැටලු විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.