තවත්
    මුල් පිටුවදේශීය පුවත්හෙරොයින් කිලෝ 52 ක් සමග ඇල්ලූ ඕ.අයි.සී. සියල්ල වමාරයි

    හෙරොයින් කිලෝ 52 ක් සමග ඇල්ලූ ඕ.අයි.සී. සියල්ල වමාරයි

    හෙරොයින් කිලෝ 52 ක් සමග අත්අඩංගුවට ගත් කළුතර පොලීසියේ උසාවි අංශයේ ස්ථානාධිපතිවරයා අවස්ථා තුනකදීම ඒ ආකාරයට පොලිස් නිල ඇදුමින් මත්කුඩු ප්‍රවාහනය කර ඇතැයි පැහැදිලිවම මේ වන විට කරුණු හෙළිවී ඇත.

    ඒ එක් අවස්ථාවකදී කිලෝ 75 ක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයිද අනාවරණය වී තිබේ. මේ ආකාරයට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් වරකට එම පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලැබෙන බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම නිලධාරියා සම්බන්ධකම් පවත්වන්නේ පානදුරේ කුඩු සලිදු සමග බවත් කුඩු සලිදුගේ ලොක්කා හරක් කටා බවත් මේ වන විට හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img