තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ගිනිගත් නැවේ මෙරට නියෝජිත සමාගම් සභාපති අත්අඩංගුවට

    ගිනිගත් නැවේ මෙරට නියෝජිත සමාගම් සභාපති අත්අඩංගුවට

    ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතායතනය වන සී කන්සෝටියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්හි සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට සුුළු මොහොතකට පෙර අත්අත්අඩංගුවට ගත්තේය.

    නෞකාව ගිනි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයට අදාලව එම නෞකාව අයත් මව් සමාගම හා දේශිය නියෝජිතායතනය අතර පැවැති සන්නිවේදනය පිළිබදව යම් සොයා බැලීමක් කිරීමේදී දේශිය නියෝජිතායතනයේ නොසැලකිලිමත් ක්‍රියාවන් සම්බන්ධයෙන් කරුණු හෙළිවීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මෙයට පෙර අනාවරණය වී තිබුණේ ගිනිගත් නෞකාවේ මෙරට නියෝජිතායතනය විසින් ඒ සම්බන්ධයෙන් හුවමාරුවූ ඊ- මේල් පණිවුඩ කිහිපයක් මකාදමා ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් ඇතුළු නෞකාව ගිනි ගැනීමට අදාලව කෙරුණු විමර්ශනයන් සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නේ නෞකාවේ මෙරට නියෝජිතායතනයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙසටය.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර තිබුණි. ඒ අවස්ථාවේ ඔවුන් කාර්යාලයේත් නිවෙස්වලත් නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේය.

    නෞකා ගින්න පිළිබදව ඊයේ (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලෙහි විභාගය බැවැති අවස්ථාවේදී නෞකා නියෝජිතායතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා තිබුණේ සිය සේවා දායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවය. ඒ අනුව නෞකා නියෝජිතායතනයේ සභාපතිවරයා අද උෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර අවසානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img