තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉතිහාසයට එක්වූ නගරාධිපතිනිය

    ඉතිහාසයට එක්වූ නගරාධිපතිනිය

    කාන්තාවක් කොළඹ මහ නගර සභායේ නගරාධිපති ලෙස පත්වූ දෙවැනි අවස්ථාව ලෙයි කැලී බල්තසාර්ස ව්‍රා මහත්මියගේ නාමය අද (16) ඉතිහාසයට එක්විය.

    කොළඹ මහ නගර සභා ඉතිහාසයේ පළමු නගරාධිපතිනිය ලෙස වාර්තා පොත් අතරට එක්වන්නේ රොසි සේනානායක මහත්මියයි. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇය නගරාධිපතිනිය වූවාය. ඇය නියෝජනය කළේ බටහිර කොළඹය.

    රොසි සේනානායක මහත්මිය නගරාධිපති ලෙස තේරීපත්වන 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු කොළඹ මහ නගර සභාව වෙනුවෙන් මැතිවරණයක් පැවැත්වෙන්නේ මෙවරය. එම මැතිවරණයෙන් පසු කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරීපත්වීමත් සමඟ එක දිගට කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය දරන්නේ කාන්තාවන් වීමද විශේෂත්වයකි.

    ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන්නේ තිඹිරිගස්යාය කොට්ඨාශයෙනි. ඉහළ මනාප ප්‍රතිශතයක් ලබාගෙන ඇය කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් ලෙස තේරීපත්වන්නේ ජාතික ජන බලවේගයෙනි. කොළඹ මහා නගර සභා ඉතිහාසය අලුත් කරමින් ඇය නගරාධිපතිනිය ලෙස තේරීපත්වන්නේ ද පක්ෂ විපක්ෂ බහුතරයක් වූ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් වීමද විශේෂිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img