කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් තේරීපත්විය.
එම පක්ෂයේ හේමන්ත කුමාර මහතා උප නගරාධිපති ලෙස තේරී පත්විය.
පසුගිය හයවෙනි දා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ සභිකයන් එකසිය දාහක් දෙනාගේ මංගල හමුව අද(16) කොළඹ පහ නගර සභා රැස්වීම්
ශාලාවේදී පැවැත්විණි.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම හමුවේ මූලිකම කරුණ වූයේ නගරාධිපති ධුරයට සභිකයකු තෝරාගැනීමයි.
ඒ අනුව පැවති රහස් ඡන්දයේදී ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ඡන්ද හැට එකක්ද ජාතික සමඟි බලවේගයේ නගරාධි අපේක්ෂකයා වූ රිසා සාරුක් මහතා ඡන්ද පනස් හතරක් ද ලබා ගත්හ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී තිබිණි.
ඊට හේතු වූයේ රටේ ආණ්ඩු පක්ෂයට කොළඹ මහ නගර සභාවේ බහුතරය දිනා ගැනීමට නොහැකිව මන්ත්‍රී අසුන් 48ක් පමණක් වෙන්ව තිබීමයි.
ඡන්ද විමසීමේදී ඡන්ද දෙකක් පමණක් ප්‍රතික්ෂේප වී තිබූ අතර විපක්ෂයේ ඡන්ද 13ක් මාලිමාවට ලැබී තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න විමසීමත් සමග ඇති වූ මහභේදාත්මක තත්ත්වය තුළ සභාවෙහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
එහිදී නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ලෙස හෝ විවෘත ඡන්දයක් ලෙස පවත්වනවා ද යන්න නාගරික කොමසාරිස්වරිය විමසීමක් කළ අතර එයටද ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කරනු ලැබීය.
පසුව නගරාධිපතිවරයා රහස්‍ය ඡන්දයක් මඟින් තෝරා ගැනීමට විපක්ෂය යෝජනා කරනු ලැබීය.
ඒ අනුව නගරාධිපති තෝරාපත්කර ගැනීම රහස් ඡන්දයට සියලු දෙනා සහය දැක්වූහ.