ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැරගන්නා බව සඳහන් කරමින් ගුවන්තොටුපොල පොලිස් ස්ථානයට ඊයේ (11) තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 15 ,මෝදර වීදියේ පදිංචිකරුවෙක් වන සැකකරු වයස අවුරුදු 42ක් වන තැනැත්තෙක් බව පොලිසිය සඳහන් කරයි. ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතකි මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් වන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඇමතුමෙන් පසු වැල්ලවත්තේ පිහිටි හෝටලයක කාමරයක් ගෙන රැදී සිටියදීය.
විදේශගතව සිටින ඔහුගේ පෙම්වතිය විසින් වියදමට මුදල් එවන බවත් ඔහු එම මුදල් වැයකරමින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටින බවත් අනාවරණය වී තිබේ.