දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා විටින් විට බාධා මතුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.
දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය රියදුරන් 430ක් පමණ අවශ්‍ය වන නමුත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ රියදුරන් 275ක් බවද ඔහු කියයි.
දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් පසුගිය කාලය පුරාවට නිසි අවසරය නොලැබුණු බවත් මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වා ගැනීමේදි යම් යම් ගැටළු මතුවන බව ඔහු පෙන්වා දෙයි.
වර්ථමානයේ සේවයේ යෙදී සිටින දුම්රිය රියදුරන් වැඩි දුම්රිය වාර ගණනක් සඳහා සේවයේ යෙදවීමට සිදුව ඇති බවත් යම් අවස්ථාවක ඔවුන් නිවාඩු ලබා ගත හොත් දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා ගැටළු මතුවන බවද ඔහු අවධාරණය කරයි.
පසුගිය 25 සහ 26 යන දෙදින සිදුවූයේද එවැනි තත්ත්වයක් බවද ඔහු පැවසීය.