තවත්
    මුල් පිටුවදේශීය පුවත්කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රුපි යල් ලක්ෂ 40ක දොරකමක්

    කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රුපි යල් ලක්ෂ 40ක දොරකමක්

    දෙල්ගොඩ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිදුවූ රුපියල් ලක්ෂ 40කට අධික සොරකමක් සම්බන්ධයෙන් මිගහවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    භාවනාමධ්‍යස්ථානාධිපති හිමියන් විසින් කිරිබත්ගොඩ බැංකුවකින් පසුගිය 29 වෙනිදා ලබාගත් රුපියල් 4,094,000ක මුදලක් මෙසේ සොරා ගැනීමට ලක්ව තිබේ.

    මෙම සොරකම සිදුකර ඇතැයි සැකකරනු ලබන්නේ දෙමටගොඩ පාලිත පෙදෙසේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. ඔහු භාවනා මධ්‍යස්ථානාධිපති හිමියන්ගේ රියදුරු ලෙස කටයුතු කරමින් සිට ඇත. භාවනා මධ්‍යස්ථානාධිපති හිමියෝ බැංකුවට ගොස් මුදල් ලබාගෙන ඇත්තේ මෙම රියදුරා සමග ගොසිනි.

    කිරිබත්ගොඩ බැංකුවේ සිට කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට පැමිණි භාවනා මධ්‍යස්ථානාධිපති හිමි මුදල් බෑගය මෝටර් රථයේම තබා බුද්ධ මන්දිරය වෙත ගොස් තිබේ. උන්වහන්සේ නැවත පැමිණ බැලීමේදී රියදුරුමුදල් බෑගය රැගෙන පළාගොස් සිට ඇත.

    භාවනා මධ්‍යස්ථානාධිපති හිමියන් එම රියදුරුගේ ජංගම දුරකථන අංකයට ඇමතුම් ගත්තද ඊට ප්‍රතිචාර නොවූ තැන දෙමටගොඩ පිහිටි තරුණයාගේ නිවසටද ගොස් තිබේ. එම පවුලේ එකම දරුවා වූ ඔහු ඒ වන විටත් නිවසට පැමිණ සිට නැත. රියදුරු තරුණයා පැමිණෙනු ඇතැයි භාවනා මධ්‍යස්ථානාධිපති හිමි එම නිවසේ රැදි සිට ඇති බවද පැවසේ. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිනිලිකර ඇත්තේ ඉන් අනතුරුවය. ඒ ඊයේ (30) දහවල් කාලයේදීය.

    මෙම රියදුරු තරුණයා සේවයට බදවාගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමකට අනුව බවත් ඔහුව බදවාගෙන දින 10ක් වත් නොමැති බවත් පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img