තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගුවන් අනතුර හොයන්න හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක්

    ගුවන් අනතුර හොයන්න හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක්

    වාරියපොල ප්‍රදේශයේ දී සිදු වූ කේ-8 ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් පැවැත්වීම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කළ බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සඳහන් කරයි.

    අනතුරට පත් යානය චීන වරාය ගුවන් පථයේ සිට පියාසර කළ එකක් බවට මීට පෙර නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් වුව ද එම ගුවන් යානය කටුනායක සිට පියාසර කළ එකක් බව ද ගුවන් හමුව නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

    අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවිමි සදහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයක් අද (21) දින උදෑසන පුහුණුවිමක් අතරතුර කුරුණෑගල වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදි හදිසි අනතුරට ලක්වි ඇති අතර එම ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වි කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුටි ආධාරයෙන් ගොඩ බැස ඇත

    මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති අතර, එම නිළධාරින් මෙ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුල කර ඇත

    මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙන් පෙරවරු 07.27 පමන ගුවන් ගතවී ඇති අතර පෙරවරු 07 .55 පමන මෙම අනතුර සිදුවි ඇත.

    මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් මෙම ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් සිදු කිරිම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කරන ලදි .

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img