සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ලේ සංජීවට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමට දින දෙකකට පෙර වෙඩික්කරු සමග ඉෂාරා සෙව්වන්දි අධිකරණ සංකීර්ණයට පැමිණ එහි ආරක්ෂක තත්ත්වය ගැන නිරීක්ෂණයකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශකයන් විසින් හෙළිකරගෙන තිබේ.
වෙඩික්කරු සමග ඉෂාරා සෙව්වන්දි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට රැගෙන විත් එහි පිහිටීම ගැන දැනුවත්කර ඇත්තේ මට්ටක්කුලිය හෙලමුතු සෙවනේ පදිංචිකරුවෙක් වන ජුලියන් මාදවන් නැමැති 23 හැවිරිදි තරුණයෙකි.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඔහුව පසුගිය 21 වෙනිදා මාදම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.