ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපන කරමින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සහ කරන බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇතිකර මහජන පීඩාවක් ඇතිකරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් මෙම සිදුවීම වන බවද පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.