ජාතික ජනබලවේගයේ මන්ත්‍රී සුගත් සිල්වා මහතා මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සුගත් සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකින් පසු මීට පෙර තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.
ඔහු මා සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සහෝදරයෙක්. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අපහාසයක් කරන්න මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එතුමා මාත් එක්ක දැනුත් කාලා ආවේ. එතුමාත් වෛරය වැපිරවීමේ ක්‍රියාවලියට තල්ලු කරලා තියෙනවා. මේ ප්‍රශ්නයට විපක්ෂ නායකතුමා ඈදාගන්න එපා. පපුවක් තියෙන කෙනෙක් කවදාවත් විශේෂ අවශ්‍යතා සහිත කිසිවෙක් තලා පෙලන්නෙ නැහැ. යැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය.