සිසුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් පොලොන්නරුව කවුඩුලුවැව මහින්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මැදිරිගිරිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කරයි.
විදුහල්පතිවරයා විසින් කළ පහරදීමෙන් තුවාල ලැබූ බව කියන සිසුවා පොලොන්නරුව රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබාද ඇති බවද පොලිසිය සඳහන් කළේය.