මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත මංසන්ධියේ දී අනුර විදානගමගේ (කජ්ජා) සහ ඔහුගේ දියණිය සහ පුතා වෙඩි තබා ඝාතනය කිරීමේ සැකපිට පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආනන්ද විජේපාල මහතා අද (21) පෙරවරුවේ මේ බව සඳහන් කළේය.
සිය දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටිය දී පෙරේදා රාත්‍රියේ දී අනුර විදානගමගේ මහතා සහ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්වූහ.
මෙසේ ඝාතනයට ලක්වනවිටත් අනුර විදානගමගේ ට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබූ අතර, ඔහු ඒ සියලු දෑ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇතැයි ද ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සංවාදයකදී පවසා තිබිණි.