තවත්
    මුල් පිටුවදේශීය පුවත්මගී බස් රථ දෙකක් තෝරයායේදී ගැටී 04ක් මියගොස ් 20කට තුවාල

    මගී බස් රථ දෙකක් තෝරයායේදී ගැටී 04ක් මියගොස ් 20කට තුවාල

    කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දොරටියාව තෝරයාය ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් සිව් දෙනෙක් මියගොස් 20 දෙනෙක් තුවාල ලබා ඇත.

    මෙම අනතුර අද (10) අලුයම් කාලයේදී සිදුව තිබේ. මියගොස් ඇති අය අතර කාන්තාවක්ද සිටී.

    කඳුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික මගී බස් රථයක් මගීන් නැන්වීමට නවතා තිබියදී පසුපසින් පැමිණි පුද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

    පිටුපසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img