බලපත්‍ර රහිත දැව ප්‍රවාහනය කළ බූම් ට්‍රක් රථයක් පොලිස් ස්ථානයට රැගෙනවිත් වෙනත් ලොරියක් දැව ප්‍රවාහනය කළ රථය ලෙසට අධිකරණයට ඉදිරිපත් කලායැයි කියනු ලබන සිදුවීමක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති සහ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර ඇත.
කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් එම විමර්ශනය සිදුවන අතර බූම් ට්‍රක් රථයේ හිමිකරු ප්‍රදේශයේ දැව මෝල් හිමිකරුවෙකු බව සඳහන්ය.
කට්ටිපනිමින් මේ වන විට සිටින බව කියන ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති සහ පොලිස් පරීක්ෂකවරයා අපේක්ෂිත ඇප අයදුමක් කුලියාපිටිය අධිකරණයට අද ඉදිරිපත්කර තිබේ.