සැමියෙකු විසින් සිය බිරිඳට එරෙහිව ගොනුකර ඇති වන්දි නඩුවකට අදාලව බිරිඳට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කරමින් බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ වන්දි මුදල් ලබා ගැනීමට උදව් කිරීමට සැමියෙකුගෙන් රුපියල් 20,000 මුදලක් අල්ලස් ලෙස ලබාගත් ගිරිබාව පොලිසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිකවැරටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
මෙම සැරයන්වරයා අදාල අල්ලස් මුදල සැමියාගේ නිවසේදී ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පසුගිය 24 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අල්ලස් මුදල නොදෙන්නේනම් සැමියාට ව්‍යාජ චෝදනාවක් ගොනුකර සිරගත කරන බවට පොලිස් සැරයන්වරයා තර්ජනයකර ඇති බවද සඳහන්ය.
අල්ලස් කොමිෂන් සභාවට මේ ගැන සැමියා විසින් කළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ සිට ගිරිබාවට පැමිණ වැටලීම සිදුකර තිබේ.
මෙම සැරයන්වරයා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.