බැංකු නිලධාරියෙකුට අයත් නුගේගොඩ කන්දෙවත්තේ පිහිටි රුපියල් කෝටි 37කට අධික වටිනාකමක් ඇති පර්චර්ස් 57.5ක හිස් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස්කර ඒය උකස්කර මුදල් වංචාවක නිරත වූ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාලබේ, තලාහේනේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 61 හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (21) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.