ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්විය. එම අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.
ඒ අනුව ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත්, ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා වී ඇත.
මේ අතර ‘ළමයා’ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදුකිරීමටද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වී ඇත.
මෙම අවස්ථාවට සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල, සමන්මලී ගුණසිංහ යන අය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහභාගි වූහ.
එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති සුදර්ශිනී ප්ර්නාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යයනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය විය.