ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් ජාවාරමට සම්බන්ධ ත්‍රිරෝද රථ රියදුරෙකු මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද(22) අත්අඩංගුවට ගත්තේය.
දුම්රිය ආසන 68 කට අදාළ ටිකට්පත් 21 ඔහු සමඟ තිබී සොයාගෙන ඇත.
එම ටිකට්පත් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව නියම කර තිබෙන මිල අනුව වටිනාකම රුපියල් 114000 ක් බව පොලීසිය පවසයි.