නීතිපති දෙපාර්තමේන්තුවේ පුද්ගලික සහකාර රැකියාවක් ලබාදෙන බව සඳහන් කරමින් ව්‍යාජ පත්වීම් ලිපියක් කාන්තාවකට ලබාදෙමින් රුපියල් 437,300කමුදලක් වංචාකල උප්පුවේලි පොලිසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන අංශය ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියකගේ අත්සන සහ නිල මුද්‍රාවද ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ පත්වීම් ලිපිය සකස්කර තිබී ඇතැයි පොලිසිය කියයි.
අවස්ථා දෙකකදී මුදල් ලබාගෙන ඇති අතර බෝගහකුඹුරේ පදිංචි කාන්තාවකගෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයා මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි. ව්‍යාජ පත්වීම් ලිපි දෙකක් මේ ආකාරයට මෙම උප පොලිස් පරීක්ෂකවරයා සකස්කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.