ගිනි අවි දෙකක් රැගෙන නාරාහේන්පිට පොලිස් ස්ථානයට ඊයේ පැමිණි විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු එම අවි සිය පියාගේ කාමරය සුද්ද පවිත්‍ර කිරීමේදී එහි තිබී හමුවූ බව පවසමින් පොලිසියට භාරදී ඇත.
නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචිකරුවෙක් වන මෙම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පොලිසියට රැගෙන විත් ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 10ක්ද, රිවෝල්වරයක් සහ ඊට යොදන පතොරම් 05කි.
සියපියා මෙයට වසර 20කට පෙර මිය ගිය බවද කථිකාචාර්යවරයා පවසා තිබේ. පියා රැදී සිටි කාමරය සුද්ද පවිත්‍ර කිරීමේදී ගිනි අවි හමුවූ බවත් මෙම අවි පියාගේ ආරක්ෂාවට 88-89 වකවානුවේදී කොමියුනිස්ට් පක්ෂය විසින් පියාට ලබා දී ඇති බව අනුමාන කරන බවත් කථිකාචාර්යවරයා පොලිසියට පවසා තිබේ.