fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බටුවත්තේ චාමරගේ නිවසට එකවර දෙවැනි වරටත් වෙඩි

    බටුවත්තේ චාමරගේ නිවසට එකවර දෙවැනි වරටත් වෙඩි

    විදේශගතව මේ වන විට රැදී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන බටුවත්තේ චාමරගේ බිරිඳ සහ දරුවන් පදිංචිව සිටින ජා-ඇල පිහිටි නිවසට දෙවැනි වතාවටත් අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.

    වැලිගම්පිටිය ශාන්ත ආනා පාරේ පිහිටි නිවස අසලට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා ඇති බව ජා- ඇල පොලීසිය සඳහන් කරයි.

    වෙඩික්කරුවන් තැබූ වෙඩි කිහිපයක් අසල නිවාස දෙකකටද වැදී ඇත. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත. වෙඩි ප්‍රහාරය එල්ලවන විට බටුවත්තේ චාමරගේ නිවසේ කිසිවෙකුත් සිට නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img