fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මාදම්පිටිය පොලීසියේ ගිනි අවියක් අස්ථානගත කළ සැරයන්ට වැඩ වරදී

    මාදම්පිටිය පොලීසියේ ගිනි අවියක් අස්ථානගත කළ සැරයන්ට වැඩ වරදී

    හදිසි වැටලීමකට යැයි පවසමින් මාදම්පිටිය පොලිස් ස්ථානයේ තිබුණු පිස්තෝලයක් රැගෙන ගොස් එය අස්ථානගත කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කොළඹ උතුර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද පියවර ගත්තේය.

    මෙසේ වැඩ තහනම්කර ඇත්තේ මාදම්පිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන් ඒ. රණසිංහ නැමැති නිලධාරියාගේය.

    මෙම සිදුවීමට අදාලව මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 450,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

    මෙම ගිනි අවිය අස්ථානගතකර තිබුණේ පසුගිය ඔක්තෝබර් 30 වෙනිදාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img