fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේවාලයේ කපු නෝනාගෙන් ලක්ෂ 10ක් කප්පමක් ගන් න ගිය 02ක් කොටු

    දේවාලයේ කපු නෝනාගෙන් ලක්ෂ 10ක් කප්පමක් ගන් න ගිය 02ක් කොටු

    කැලණිය දිප්පිටිගොඩ දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවකට දුරකථන ඇමතුමක් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ පාතාල අපරාධකරුවෙකුට ඒ සඳහා ආධාර හා අනුබල දුන් දෙදෙනෙක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුවන් දෙදෙනා කැලණියේ පදිංචි අවුරුදු 35 සහ 53 යන වයස්වල පසුවන්නන්ය. කැලණිය පට්ටිය හන්දියේදී සහ දළුගමදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    කළු පැහැති ඇඳුමින් සැරසී යතුරුපැදියකින් පසුගිය 04 වෙනිදා දිප්පිටිගොඩ දේවාලය පවත්වාගෙන යන කාන්තාවගේ නිවසට පැමිණි දෙදෙනෙක් එම කාන්තාවට ඔවුන් සතු ජංගම දුරකථනයකින් ඇමතුමක් ගෙන එය කාන්තාවට ලබාදී ඇති බව පොලීසිය කියයි. දුරකථන ඇමතුමේ එම අවස්ථාවේ සිට ඇත්තේ පෑලියගොඩ ශක්ති නැමැති අපරාධකරු බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img