fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දොස්තරලාගේ විශ්‍රාම වයස ගැන ගැසට්ටුව එයි

    දොස්තරලාගේ විශ්‍රාම වයස ගැන ගැසට්ටුව එයි

    සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම ගැසට් නිවේදනයට අනුව අදාළ තීරණය 2023 වසරේ ජනවාරි මස 01 වන දින සිට බලාත්මක ය.

    ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතුවේ.

    විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත යටතේ මේ පිළිබඳ 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img