උත්සව සමයේ මඟි ප්‍රවාහන බස් රථ ඇතුළු වාහනවලින් සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහා දීපව්‍යාප්ත රථ වාහන මෙහෙයුමක් අද (23) සිට ආරම්භ කෙරේ.
උත්සව සමයේ ඉහළ යමින් ඇති රිය අනතුරු පාලනය කිරීම සඳහා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් අනුව මෙම රථවාහන මෙහෙයුම සිදු කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දින සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර, එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබයි.
එමෙන්ම බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එමෙන්ම මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරි යොදවා ඇත.
මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට තොරතුරු ලබා දීමට මහජනතාවට හැකියාව පවතී.
ඊට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකථන අංකය වෙත හෝ පහත සඳහන් අනෙකුත් රථවාහන කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකථන අංක වෙත ද තොරකුරු ලබා දීම සිදුකළ හැකිය.
එමෙන්ම මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් එම වීඩියෝ පට ද වස්ඇප් මගින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට ද හැකියාව පවතින අතර එම තොරතුරු අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අදාළ කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකතන අංක පහත පරිදි වේ.
කොට්ඨාස දුරකථන අංකය
මාතර 0718591433
ගාල්ල 0718591452
ඇල්පිටිය 0718591472
තංගල්ල 0718591488
පුත්තලම 0718591289
හලාවත 0718591304
කුලියාපිටිය 0718591260
නිකවැරටිය 0718591274
කුරුණෑගල 0718591244
මහනුවර 0718591042
තෙල්දෙණිය 0718592274
මාතලේ 0718591079
ගම්පොල 0718591070
නුවරඑළිය 0718591094
හැටන් 0718591114
රත්නපුර 0718591382
කෑගල්ල 0718591410
සීතාවකපුර 0718591423
ඇඹිලිපිටිය 0718591392
කන්තලේ 0718591187
අම්පාර 0718591145
මඩකලපුව 0718591127
ත්‍රිකුණාමලය 0718591170
කන්කසන්තුරය 0718591315
යාපනය 0718591327
වව්නියාව 0718591340
මන්නාරම 0718591363
කිලිනොච්චිය 0718591347
මුලතිව් 0718591374
මොණරාගල 0718591533
බණ්ඩාරවෙල 0718591520
බදුල්ල 0718591508
කැබිතිගොල්ලෑව 0718592902
පොලොන්නරුව 0718591230
අනුරාධපුර 0718591200
කළුතර 0718591688
පානදුර 0718591674
කැලණිය 0718591589
අධ්‍යක්ෂ කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය – 071 8591741
අධ්‍යක්ෂ රථවාහන මූලස්ථානය – 071 8591967
අධ්‍යක්ෂ බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසය – 071 8592857
අධ්‍යක්ෂ බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසය – 071 8592278