fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආදරවන්තයන්ගේ සටන දින තුනට ගිවිස ගැනීම හෙට

    ආදරවන්තයන්ගේ සටන දින තුනට ගිවිස ගැනීම හෙට

    දෙදින තරගයක් ලෙස පැවති මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන 2025 වසරේ පටන් දින තුනක තරගයක් ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සඳහා ගිවිසුම්ගතවීම මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී හෙට (16) සවස 5.30ට පැවැත්වෙයි.

    මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා සහ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පි.එස් පුෂ්පකුමාර මහත්වරු සහ දෙවිදුහල්හි ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරුන් අතර මෙම ගිවිසුම අත්සන් තැබෙන අතර එහි සාක්ෂිකරුවන් ලෙස විද්‍යාල දෙකෙහි පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරුන් අත්සන් තැබීමට නියමිතය.

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දීප්තිමත් ක්‍රිකට් තරු යුගලක් වන රිච්මන්ඩ් විද්‍යාලයේ චම්පක රාමනායක සහ මහින්ද විද්‍යාලයේ උපුල් චන්දන මහත්වරු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් එක්වෙති.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා මෙහි විශේෂ ආරාධිතයෙක් ලෙස එක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින්, දෙවිදුහල්හි ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්, ආදි ශිෂ්‍ය සංගම්වල විධායක සභිකයන්, පාසල් සංවර්ධන සමිති නියෝජිතයන්, හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ දෙවිදුහල්හි ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සමාජිකයෝ රැසක් මේ සඳහා එක්වීමට නියමිතව ඇත.

    ආදරවන්තයන්ගේ සටන ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇත්තේ 120 වැනි වතාවටයි. ලබන අප්‍රේල් 3,4,5 තෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගයේ මෙවර සත්කාරකත්වය හිමිව ඇත්තේ මහින්ද විද්‍යාලයටයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img