fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පොත්පත් ගන්න රුපියල් 6,000ක්

    අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පොත්පත් ගන්න රුපියල් 6,000ක්

    අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාසල් ලිපි ද්‍රව්‍ය ගැනීමට රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම ට එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබා දෙනු ඇත.

    අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණභාවයට පත් වී ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම ට එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබා දීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img