කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් ඊයේ සවස ජලය පිරුණු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී සැඩ පහරකට හසු වී ගසාගෙන ගොස් එම රථයේ ගමන්කරමින් සිටි ව්‍යාපාරිකයෙක් සහ රියදුරු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් රෝහල්ගතකර ඇත.
අදාළ කැබ් රථය මානකඩ රඹුකේ වත්ත මාර්ගයේ ධාවනය කරමින් තිබී ඇතැයි පොලීසිය සඳහන් කරයි. රඹුකේ වත්තට යන මාර්ගය වැටී ඇත්තේ තුම්මෝදර ඇල හරහා ය. ඒ වන විට වැසි තත්ත්වය හේතුවෙන් ඇල ආසන්නයේ ගංවතුර තත්ත්වයක් තිබී ඇත. ඒ ගැන තැකීමක් නොකර රියදුරු කැබ් රථය ජලය හරහා ධාවනය කිරීමේදී ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සැඩ පහරට හසු වූ කැබ් රථය මීටර් සියයකට වැඩි දුරක් ජලයේ ගසාගෙන ගොස් නතර වී තිබි ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රම්බුකේ වත්ත නැමැති ඉඩමේ හිමිකරුවකු බව කියන කිරිබත්ගොඩ අශෝක උයන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලොකු ලියනගේ චන්න කබ්රාල්(69) සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී දසුන් ප්‍රනාන්දු නැමති 30 හැවිරිදි රියදුරාය.