fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොල්ලකෑමකට සැකපිට අල්ලාගත් පුද්ගලයකුව ක ොල්ලකෑ දූෂණ මර්දන OIC එක්ක දෙකක් CID...

    කොල්ලකෑමකට සැකපිට අල්ලාගත් පුද්ගලයකුව ක ොල්ලකෑ දූෂණ මර්දන OIC එක්ක දෙකක් CID අත්අඩංගුවට

    පුද්ගලයකු නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දින 06ක් රදවාගනිමින් ඔහු සතු දේපොල හා මුදල් කොල්ල කෑ බව කියන ගම්පහ පොලීසියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකු සමඟ ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා විට සේවයේ නිරතව සිට ඇත්තේ වැලිවේරිය පොලිස් ස්ථානයට අනුයුක්තවය.

    වයස අවුරුදු 35ක් වන උප පොලිස් පරීක්ෂකවරයාත් වයස අවුරුදු 39ක් වන සැරයන්වරයාත් 53 හැවිරිදි ව්‍යාපාරිකයාත් ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා හමුවට අද (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හදුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    මෙම සිදුවීම වී ඇත්තේ 2021 වසරේදීය. ගම්පහ පිහිටි මූල්‍ය ආයතනයකට අවි ආයුධ රැගෙන කඩාවැදුණු දෙදෙනෙක් එම වසරේ ජූලි 15 වෙනිදා රුපියල් කෝටි ගණනක මුදලක් හා රන් භාණ්ඩ කොල්ලකා තිබුණි. ඒ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන පවත්වන අතර තුර අත්අඩංගුවටගත් ගම්පහ පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති සහ සැරයන්වරයා එම කොල්ලය සම්බන්ධයෙන් සැකපිට යැයි කියා පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වසරේ අගෝස්තු 01 වෙනිදාය. බදුල්ල තල්දෙන ප්‍රදේශයට ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සම්බන්ධයෙන් වූ කල්ක්‍රියාව හා හැසිරීම ගැන තිබුණු තොරතුරු පදනම්කරගෙනය.

    මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබුණු මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ගංජා සමඟ අත්අඩංගුවටගත් බව සඳහන්කරමින් අධිකරණයට ඉදිරිපත්කර ඇත. මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා ගම්පහ පොලිස් අධිකාරීවරයාට පැමිණිලිකර තිබේ. ගම්පහ පොලිස් අධිකාරීවරයා මේ ගැන පොලිස්පති දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2021 වසරේදී විමර්ශන භාරදී තිබී ඇත. වසර තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාපාරිකයා මෙම අපරාධයට ආධාර හා අනුබල දී ඇති බව අපරාධ පරීත්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img